(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොළඹ අපරාධ වාර්තා කොට්ඨාශයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් සැරයන්වරයකු බීමතින් පැද වූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී එහි ගමන් ගත් අවුරුදු එක හමාරක දියණියක ඇතුළු සිවු දෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මීගොඩ පොලීසිය පවසයි.
අනතුරින් පසුව තුවාල ලැබූ පියා සහ අවුරුදු 8 දියණිය ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ වයස අවුරුදු එක හමාරක දියණිය සහ මව නේවාසිකව රෝහලේ ප්‍රතිකාර ලබයි.
ඉන් අවුරුදු එක හමාරක දියණියගේ හිසට මැහුම් අටක් යොදා ඇතැයි ද පැවසේ.
මව පියා සහ දියණියන් දෙදෙනා අවුරුදු උදාවට අවශ්‍ය ඇඳුම් පැළඳුම් සහ ආහාර පාන රැගෙන මෝටර් රථයෙන් නිවසට යමින් සිටියදී මීගොඩ ආටිගල පාරේ බෝගහ අසල දී ඉදිරියෙන් පැමිණි වෑන් රථයක් එක්වරම මාර්ගයෙන් ඉවතට පැන විරුද්ධ මං මංතීරුවේ ධාවනය වෙමින් තිබූ මෙම මෝටර් රථයේ ගැටී අනතුර සිදුව තිබේ.
අනතුර සිදු කළ වෑන් රථය පැදවූ රියදුරු මත්පැන් සාදයකට සහභාගී වී නැවත එමින් සිටි කොළඹ අපරාධ වාර්තා කොට්ඨාශය ට අනුව සේවයේ නිරත පොලිස් සැරයන්වරයෙකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් සැකකරූටද තුවාල සිදුව ඇති අතර පොලිස් අත්අඩංගුවට යටතේ ඔහුද හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි .
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බීමත් පී.සී පවුලක්ම රෝහලට යවයි
කොස්තාපල් පුණ්‍යසෝම Friday, 14 April 2023 08:58 AM
ඇත්තටම පොලිසියට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා හිතාගන්න බැහැ බොහෝ අපරාධයක් සදහාම පොලිසිය යම් පමණකින් සම්බන්ධ වෙනවා සාමය රකින්න සිටින නිළධාරින් මෙහෙම නම් සාමාන්‍ය මිනිසුන්ට කාගේ පිහිටක්ද?
සෙනෙවිරත්න Friday, 14 April 2023 09:40 AM
රැකියාවටත් අගෞරවයක්, රියදුරු බලපත්‍රය තහනම් කල යුතුයි.
Senarath Friday, 14 April 2023 01:18 PM
මරු පොලීසිය. රෑදවල් නැතිව සාමාන්‍ය ජනතාවට බීමතින් වාහන එළවන්න එපා කියනවා. ඒ වුණාට පොලීසියේ උදවිය බීමතින් වාහන එළවලා අනතුරු කරනවා.
de silva Friday, 14 April 2023 01:52 PM
අනිවාර්යයෙන්ම පොලිස් සේවයන් නෙරපා හැර හිරේ දමන්න ඕනි. නීති ආරක්ෂා කරන පුද්ගලයෝ නීති කඩන එක විශාල ප්‍රශ්නයක්.
"සාමනේර පොඩිනම'' Friday, 14 April 2023 02:24 PM
"ධම්මො හවෙ රක්ඛති ධම්ම චාරී"
Bamunuarachchi Sunday, 16 April 2023 07:21 PM
නැහැ පොඩි නම් මේ පොලිස් ගොයියා වෙරිමතින් රිය චාරිකරලා...