IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බීමත්ව සිටි පොලිසියේ තුනක් අල්ලයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)

කොල්ලුපිටිය පොලිස් භූමියේ පිහිටි භට නිවස තුළ විවේකීව සිටි පොලිස් නිලධාරීන්ට කරදරයක් සහ හිරිහැරයක් වන ආකාරයට බීමතින් අශෝභන ලෙස හැසුරුණේ යැයි කියන පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් කොල්ලුපිටිය පොලීසිය විසින්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකපිට අත්අඩංගුවට ගත් මෙම පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා ඊච්චලම්පත්තුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනඅය වෙති.

සිංහල අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙම පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා පෙරේදා සිට17 වෙනිදා දක්වා කොළඹ විශේෂ ආරක්ෂක රාජකාරි සඳහා ගෙන්වනු ලැබ සිටි අය යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙහිරැඳී සිට ඇත්තේ ද කොළඹ විශේෂ රාජකාරි සඳහා පිටපළාත්වල පොලිසිවලින් ගෙන්වා තිබු නිලධාරීන් යයි පොලීසිය කියයි.

පොලිස් නිලධාරීන් නිළධාරීන් කිලධාරීන් කිහිපදෙනකු බීමතින් අශෝභන ලෙස හැසිරෙන බවට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එහි යවා කරන ලද සෝදිසියකදී බීමතින් සිටියේ යැයි කියන මෙම පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා අල්ලා ගැනීමට හැකි වී ඇත.

 



අදහස් (0)

බීමත්ව සිටි පොලිසියේ තුනක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site