IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බෝපේ පෝද්දල ප්‍රා.සබේ එකම කාලගෝට්ටියක්


(සිරංගිකා ලොකුකරවිට)
 
බෝපේ   ප්‍රාදේශීය සභා රැස්වීම අද (19) ආරම්භවීමට පෙර තමන්ට බහුතරය ඇතැයි පවසමින් එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රේමලාල් අබේසේකර මහතා සභාපති පුටුවේ වාඩිවීම හේතුවෙන් සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය.
 
පොදු ජන පෙරමුණට බලය හිමිව ඇති බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ එම පක්ෂයේ මන්ත්‍රීවරු 11 දෙනකු සිටින අතර විපක්ෂයේ ද මන්ත්‍රීවරු 11 දෙනකු සිටිති. 
 
අද විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු සහ මන්ත්‍රීවරියන්  කළු පැහැති ඇඳුමින් සැරසී සභාවට පැමිණ සිටියහ.
 
 සභාපති පුටුවේ වාඩි වී සිටි අබේසේකර මන්ත්‍රීවරයා එම අසුනෙන් ඉවත්කිරීම සඳහා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ගාලගෝට්ටියක් ඇතිවූ අතර අනතුරුව එම මන්ත්‍රීවරයා ඔසවා ඉවත් කෙරිණි. 
 
මේ අවස්ථාවේ දී මන්ත්‍රීවරු අතින් පයින් පහර දී ගත් අතර වතුර බෝතල් විවෘත කර වතුරවලින් ද  ප්‍රහාර එල්ල කළේය.
 
සභාවේ කටයුතු ඉදිරියට කරගෙන යාමට නොහැකි වූ බැවින් පැයකට සභාව කල් තැබුණු අතර මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය සැමරීම සඳහා ගෙන ආ කේක් කැපීමට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු කටයුතු කළහ. 


 



අදහස් (0)

බෝපේ පෝද්දල ප්‍රා.සබේ එකම කාලගෝට්ටියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site