(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දහදෙනකුට එරෙහි නඩුව පවත්වාගෙන යා නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මුලික විරෝධතාවයක් අද මතු කළේය
එම මුලික විරෝධතාවය මැයි මස 26 වැනිදා ගොනු කරන ලෙස විනිසුරු මඩුල්ල විත්තියේ නීතීඥවරුන්ට වැඩිදුරටත් නියම කළේය
ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන චම්පා ජානකී රාජරත්න (සභාපති විනිසුරු) දමිත් තොටවත්ත සහ නාමල් බණ්ඩාර බලල්ලේ යන මහත්ම මහත්මීන් හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය
මෙම නඩුව සඳහා අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා සහ අජාන් ගාර්දිය පුංචිහේවා මහතා නොමැතිව නඩුව විභාග කිරීමට මෙන්ම ඔවුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය මීට පෙර අවස්ථාවකදී වරෙන්තු නිකුත් කළ අතර එම වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමටද විනිසුරු මඩුල්ල නියම කොට තිබිණි.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනකු හැර අනෙකුත් විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.
රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවු මෙම බැඳුම්කර වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවු අහිතකාර බලපෑම, බැඳුම්කර වංචාවේ බරපතලකම මෙන්ම සංකීර්ණත්වය සැළකිල්ලට ගනිමින් නීතීපතිවරයා මෙම නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කොට ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව මෙම නඩුව මැයි මස 26 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඩුල්ල නියම කෙරිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බැඳුම්කර නඩුව 13ට කල් යයි