(ඩයනා උදයංගනී)
බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදට (20) යෙදී ඇති අතර කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා හමුවේත් බෞද්ධ ජනතාව වෙහෙර විහාරස්ථාන වෙත ගොස් සෞඛ්‍යාරක්ෂිතව ආගමික වතාවත්වල නිරත වනු දක්නට ලැබිණි.
වෙනදා මෙන් පොහෝ දින ශීල සමාදාන වැඩසටහන් ක්‍රියාත්මක නොවූව ද බොහොමයක් විහාරස්ථාන ජනතාවට ආගමික වතාවත් වෙනුවෙන් විවෘත කර තිබිණි.
පැමිණි ජනතාව බොහෝ දෙනෙක් නිසි ලෙස මුහුණු ආවරණ පැළඳ දුරස්ථභාවය රැක ගනිමින් ආගමික වතාවත්වල නිරත වුවත් ඇතැමුන් සෞඛ්‍ය ආරක්ෂිත පියවර නිසි ලෙස අනුගමනය නොකරන ආකාරයක්ද දක්නට ලැබිණි.
බිනර පුර පසළොස්වක පොහෝ දිනය භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් වන අතර වස් සමයේ අතරමැදි පොහොය ද වේ.
එමෙන්ම භික්ෂුනී ශාසනය ආරම්භ කරමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක්වූයේද බිනර පෝය දිනකදීය.
ආනන්ද හිමියන් විසින් බුදුන්වහන්සේගෙන් අෂ්ට ගරු ධර්ම විමසා එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව එම ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකදීය.
බිනර පොහෝ දිනයේ දී කැලණි විහාරයට පැමිණි බෞද්ධ ජනතාව සෞඛ්‍යාරක්ෂිත අයුරින් ආගමික වතාවත්වල නිරත වූ අයුරු ඡායාරූපවල දැක්වේ.
ඡායාරුප - ශාන්ත රත්නායක
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බිනර පොහොය අදයි
sumedha ramasingha Monday, 20 September 2021 01:03 PM
තව නයෙක් බෝතලේක දාලා ගෙනාවා නම් ඊළඟ පොහොයටවත්, විහාරය බැතිමතුන්ගෙන් පිරෙන්න කියලා කිව්වානම් කොයිතරම් වටිනවා නේද?