IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘බොන්න දෙන වතුර හොද නෑ‘විරෝධතාවක්

(කේ. බුද්ධික කුමාරසිරි)

ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය මගින් අවිස්සාවේල්ල නාගරික කළාපය වෙත ලබා දෙන ජලය බීමට නොහැකි තත්වයේ පවතින බවට පවසමින් එම ජනතාව අද (13) දින උදෑසන විරෝධතාවයක නිරතවුහ.
 

අවිස්සාවේල්ල නාගරික කළාපය සදහා  ජලය ලබා දීමට  වර්ෂ 1970 දී පමණ කැළණි ගගේ ටැංකියක් ඉදිකල ද පසු කාලීනව එය කැඩී යාමත් එම ටැංකියට ඉහලින් කැළණි ගගේ පතල් කැපීම නිසාවෙන් ජලය ලබා ගන්නා ස්ථානයට රොන් මඩ එකතු වීමත් නිසා මෙලෙස බීමට නොහැකි තත්වයේ දුඹුරු පැහැති ජලය ලැබෙන බවද විරෝධතාකරුවෝ පවසති

මේ පිළිබදව කාළයක සිට බළධාරීන් දැනුවත් කලද කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වූ නිසාවෙන් පසුගිය වර්ෂයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද දැනුවත් කලමුත් මේ වනතෙක් තමන්ට සාධාරණයක් ඉටු නොවූ බවද ඔවූහු පවසති

මේ වනවිට පවතින වියලි කාළගුණ තත්වය නිසාවෙන් කැළණි ගගේ ජලය විශාල වශයෙන් අඩු වී තිබීමෙන් වර්තමානයේ දී තමන්ට ලැබෙන ජලය කිසිසේත් පාවිච්චි කල නොහැකි තත්වයක්  උදා වී ඇති බවද ඔවූහු පෙන්වා දෙති.



අදහස් (1)

‘බොන්න දෙන වතුර හොද නෑ‘විරෝධතාවක්

චින්තක Wednesday, 13 March 2024 02:04 PM

සම්පූර්ණයෙන්ම වැරැද්ද තියෙන්නේ පතල් කැපීමට බලපත්‍රය දුන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අතේ කියලා පැහැදිලියි. ඒ වගේම පතල් බලපත්‍ර ඉල්ලුම් කල අවස්ථාවේ නිහඬව සිටි ජලසම්පාදන මණ්ඩලයත් වැරැදියි ඒත් වර්තමානයේ මැණික් අධිකාරිය විරෝධතා ඉදිරිපත් කරන්න කියලා දැන්වීමක් ප්‍රසිද්ධ නොකරන නිසා ජල මණ්ඩලයේ අයට සුලු සහනයක් ලැබෙනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site