
(අංජුල මහික වීරරත්න)
බන්ධනාගාර ක්‍රමවේදය ගැන පළුදු වී ඇති ජනතා විශ්වාසය යළිත් ඇති කිරීම බන්ධනාගාර නිලධාරීන්ගේ වගකීම බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බන්ධනාගාර කොමසාරිස්වරුන් සහ දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරීවරුන් සමඟ අධිකරණ අමාත්‍යංශයේ දී අද පෙරවරුවේ (23) පැවති සාකච්ඡාවකදීය.
බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටළු පිළිබදව මෙහිදී අවධානය යොමු විය.
බන්ධනාගාර නිලධාරීන් අමතමින් අධිකරණ අමාත්‍යවරයා මෙසේද කීය.
බන්ධනාගාර පද්ධතියේ දුෂණ වංචා අක්‍රමිකතා සිදුවන බවට ජනතාවගෙන් පැමිණිලි යොමු වෙනවා. බන්ධනාගාර නිලධාරීන්ට ඇති ගැටළු සහ ජීවිත තර්ජන වැඩියි. බන්ධනාගාරය කියන්නේ මේ සමාජයේම පැතිකඩක් බැවින් ජනතාව මේ ආයතනය පිළිබඳව අවධානයෙන් සිටින බව ඔබ සියලු දෙනා වටහා ගත යුතුයි. පසුගිය කාලයේ දේශපාලන අතපෙවීම මේ ආයතනය තුළට සිදු වුණා. ඒ වගේම මේ ආයතනය තුළ වංචා දුෂණ සිදුව තිබෙනවා. අපි ඒ තත්ත්වය වෙනස් කර තිබෙනවා.
වෙනස්කම් කරන බවට ජනතාවට මේ රජය පොරොන්දු වුණා. බන්ධනාගාරය තුළ සිදු වන දේවල් පිළිබඳව සාමාන්‍ය මහජනතාවට අවබෝධයක් නැහැ. බන්ධනාගාරය තුළ වෙනම රාජධානියක් තිබෙන බවට හා නිලධාරීන්ට අවශ්‍ය දේ පමණක් සිදු වන බවට චෝදනා තිබෙනවා. කාන්තා රැඳවියන්ට සහ තරුණ සිරකරුවන්ට විශේෂ ගැටළු පවතින බවට සමාජය තුළ මතයක් පවතිනවා.
වර්තමානය වන විට බන්ධනාගාර ක්‍රමවේදය කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වෙලා. ඒ විශ්වාසය නැවතත් ඇති කිරීම ඔබගේ වගකීමයි. පාතාල ක්‍රියාකාරකම් බන්ධනාගාර තුළ ක්‍රියාත්මක වන බවට චෝදනා තිබෙනවා. නිලධාරීන්ගේ සහයෝගය නොමැතිව බන්ධනාගාර තුළට දුරකථන යන්නේ නැහැ. බන්ධනාගාරය පිළිබඳව වු විශ්වාසය නැවත ඇති කිරීම බන්ධනාගාර නිලධාරීන්ගේ වගකීමක් බව අවබෝධ කර ගත යුතුයි. පසුගියදා ජනාධිපති පොදු සමාව පිළිබඳව ගැටළු ඇති වුණා. ව්‍යවස්ථාව අනුව ජනාධිපති සමාව ලබා දිය හැක්කේ ජනාධිපතිතුමාට පමණයි. බන්ධනාගාර අධිකාරිවරුන්ට ඒක කරන්න බැහැ. බන්ධනාගාරයේ සියලු නිලධාරීන් දුෂිත බව කියන්නේ නැහැ.
හොඳ නිලධාරීන් ඉන්නවා. කිහිප දෙනෙක් දුෂිත නිලධාරීන් නිසාවෙන් සියලු දෙනා අපකීර්තියට පත් වෙනවා. නිවැරදිව රාජකාරී සිදු කරන නිලධාරීන්ට අවශ්‍ය වරප්‍රසාද පහසුකම් ලබාදීමට අපි සුදානම්. අපි ඔබට කියන්නේ වෙනස් වෙන්න කියලයි. වෙනස් වෙන්න බැරිනම් වෙනස් කරන්නත් පුළුවන්. තවදුරටත් වෙනත් පාර්ශ්වයන්ට අවශ්‍ය පරිදි බන්ධනාගාර තුළ කටයුතු කරන්න ඉඩ දෙන්න බැහැ. ඔබ බන්ධනාගාර අධිකාරීවරුන් ලෙස නිවැරදිව සිය රාජකාරීය ඉටු කරන්න. කිසිඳු නිලධාරියෙකුට කිසිම ආකාරයක දේශපාලන බලපෑම් එන්නේ නැහැ.
ඇතැම් බන්ධනාගාරවල සිරකරුවන් බන්ධනාගාර වහළ මතට නැඟ උද්ඝෝෂණය කරනවා. මේවා වෙන්නේ සංවිධානාත්මකවයි. මාතර බන්ධනාගාර පිළිබදව පැමිණිලි වැඩි වශයෙන් පසුගිය දින කිහිපය තුළ යොමු වුණා.
බන්ධනාගාර නිලධාරීන් ස්ථාන මාරු කිරීමේ ක්‍රියාවලිය විධිමත්ව සිදු කිරීම කර ගෙන යනවා. කිසිම අවස්ථාවක ඔබගේ සේවය අවතක්සේරු කරන්නේ නැහැ. ඔබ සිදු කරන කැප කිරීම අගය කරනවා. බන්ධනාගාර පද්ධතිය සම්බන්ධයෙන් සමාජ මතය වෙනස් කළ යුතුයි. පාතාලයට අවශ්‍ය ආකාරයට අපි බන්ධනාගාරයේ කටයුතු නොකළ යුතුයි. රාජකාරිය සිදු කිරීමේ යම් අපහසුතාවයක් පවතින්නේ නම් එය අපට දන්වන්න.
බන්ධනාගාර නිලධාරියා නිසි පරිදි රාජකාරීය සිදු කරන බවට සමාජ මතයක් නිර්මාණය කළ යුතුයි. විශේෂයෙන් බන්ධනාගාර පද්ධතිය තුළ බන්ධනාගාරය පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන අසත්‍ය තොරතුරු නිවැරදි කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි.
ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා සිරකරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීමේ ක්‍රමයට අවශ්‍ය සංශෝධන අපරාධ නඩු විධි විධාන සංග්‍රහයට ඇතුළත් කර තිබෙනවා. එහි පළමු අදියර අනුව වැඩි වශයෙන් අධිකරණයට යොමු වන සිරකරුවන් පිළිඳව සොයා බලා ඒ අනුව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා සාක්ෂි ලබා ගැනීමට සැලසුම් කිරීමට හා ඒ සඳහා අවශ්‍ය සන්නිවේදන උපකරණ ලබාදීමට කටයුතු කර තිබෙනවා. එවිට බන්ධනාගාර ප්‍රවාහන පහසුකම් ගැටළුවටත් විසදුම් ලබා ගත හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
2025 නොවැම්බර් මස 04
527
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2255
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බන්ධනාගාර ගැන යළි හොඳ හිත ඇති කළ හැක්කේ නිලධාරීන්ටයි