
(අංජුල මහික වීරරත්න)
බන්ධනාගාර වල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ජනාධිපති කාර්යාලයේ අද (30) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධ රැඳවියන්ගේ නඩු කටයුතු කඩිනමින් නිම කරන ලෙස මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මාර්ගගත ක්‍රමය අනුගමනය කිරීමේ හැකියාව ද පෙන්වා දුන්නේය.
මාර්ගගත ක්‍රමයට නඩු කටයුතු සිදු කිරීමේ දී මතු වන දුෂ්කරතා හඳුනාගෙන ඊට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කරන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
බන්ධනාගාර තුළ සිදුවන අක්‍රමිකතා සඳහා නිලධාරීන්ගේද සම්බන්ධයක් ඇති බවට මතු වන චෝදනා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඊට සම්බන්ධ නිලධාරීන්ට ආයතනයේ විනය ක්‍රියා මාර්ගවලට එහා ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන පුරප්පාඩු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර එම පුරප්පාඩු කඩිනමින් පිරවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ අයේෂා ජිනසේන, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බන්ධනාගාරයේ මගඩි වැඩ කරන නිලධාරීන්ට දැඩි දඩුවම්
pj Tuesday, 31 December 2024 04:48 AM
හොර බොරු වංචා මගඩි කරන ඕනෑම කෙනෙකුට දැඩි දඩුවම් හිමියි.. බන්ධනාගාරයේ පමණක් නොව ජනාධිපති අගමැති ඇතුළු සියළුම නිළධාරීන්ට....