IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බන්ධනාගාරයෙන් පැන කිලෝ මීටර් 65 මාංචු පිටින් ඇවිත්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බන්ධනාගාර නිලධාරීන්ගේ මිදී පැන ගිය රැදවියන් දෙදෙනා යතුරුපැදියක් සොරාගෙන අත්මාංචුපිටින්ම කිලෝමීටර් 65 ක් දුරක් පදවාගෙන පැමිණ මොරගහහේන ඔලබොඩුව නිවසකට පැමිණ වෙස්වලාගෙන සැඟව සිටි අනෙක් රැඳවියා සමග අද අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනපොල ඔලබොඩුව හන්දිය ජාතික තරුණ සේවා මාවතේ පදිංචි රොෂාන් අසංක නොහොත් සුද්දා නැමැති (29) හැවිරිදි රැඳවියාය.

මොරගහහේන පොලිසියට අනුයුක්ත පානදුර කොට්ඨාස බුද්ධි ඒකකයේ පොලිස් කොස්තාපල් (91214) වන්නි නායක මහතාට ලද තොරතුරකට අනුව සැකකාර රැඳවියා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම රැදවියා සමඟ පලා ආ අනෙක් රැදවියා කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පෙරේදා (30) අත්අඩංගුවට ගෙන තිබිණි.

වරකාපොල පොලිස් බල ප්‍රදේශයේ යතුරුපැදි සොරකම් සම්බන්ධයෙන් වරකපොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන වරකාපොල තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගතකර තිබිණි.

රැඳවියන් දෙදෙනා වරකාපොළ තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට යළි  ඉදිරිපත් කිරීම සඳහා ඉකුත් 28 වෙනිදින  කුරුවිට බන්ධනාගාරයේ සිට එහි නිලධාරීන් බන්ධනාගාරයට අයත් බස් රථයකින් රැගෙන විත් අධිකරණ සිරමැදිරිය කරා රැගෙන අවස්ථාවේදී රැඳවියන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබිණි.

 



අදහස් (1)

බන්ධනාගාරයෙන් පැන කිලෝ මීටර් 65 මාංචු පිටින් ඇවිත්

Pradeep Kumara Tuesday, 02 July 2024 08:35 AM

මරු බන්ධනාගාර නිළධාරීන්. ඔවුන්ට උසස්වීම් සහ වැටුප් වර්ධක ලබාදෙන්න ඕන.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site