IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


’’බන්ඩි’’ගන්න සල්ලි හෙට සිට

(අංජුල මහික වීරරත්න)

යල කන්නයේ වී වගාව සඳහා බන්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) මිලදී ගැනීම සඳහා ගොවි ගිණුම් වලට හෙට(7) සිට මුදල් බැර කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය  පවසයි. 

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් හෙක්ටෙයාර් එකකට රුපියල් 15000 බැගින්  මුදල්  බැර කිරීමට නියමිතය.

වී වගාවට බන්ඩි පොහොර  යෙදීම පසුගිය කන්න කිහිපයේ ප්‍රමාණාත්මකව අවම වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

වී කරල් ශක්තිමත් වීම සඳහා මෙන්ම වී ඇට පරිපූර්ණවීම සඳහා MOP පොහොර භාවිතා කිරීම අනිවාර්ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මහ කන්නය සඳහා MOP පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 30,000ක් වුවද ගොවීන් මිල දී ගෙන ඇත්තේ ඉන් තුනෙන් එකක් පමණි.

විශේෂයෙන් දැනට කුඹුරු වගා කර අවසන් කර ඇති ගොවීන් සඳහා ද මෙම මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. 



අදහස් (0)

’’බන්ඩි’’ගන්න සල්ලි හෙට සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site