
(තුෂාර හෙට්ටිආරච්චි )
තෙවැනි වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ නරේන්ද්‍ර මෝදි මහතා වෙත ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරය සහ ජපානයේ සවරා හී ලංකාජී විහාරස්ථානයේ විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමිපාණන් සුබ පැතුම් පිරිනමති.
සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් නාහිමිපාණන් වහන්සේ පවසන්නේ මෙම සුවිශේෂී ජයග්‍රහණය නරේන්ද්‍ර මෝදි මහතාගේ දූරදර්ශි නායකත්වය ඉදිරි දැක්ම සහ රටේ අභිවෘද්ධිය සඳහා වූ නොසැලෙන කැපවීම පිළිබඳ සාක්ෂියක් වන බවයි.
වැඩි දුරටත් එහි සඳහන් වන්නේ.. " අග්‍රාමාත්‍යවරයාගේ කැපී පෙනෙන දායකත්වය ඉන්දියාව තුළ සැලකිය යුතු ප්‍රගතියක් සහ සංවර්ධනයක් ඇති කිරීමට පමණක් නොව ගෝලීය වේදිකාවට ධනාත්මක ලෙස බලපා ඇති බව පෙනේ. ඔහුගේ මගපෙන්වීම යටතේ, ඉන්දියාව නොනැසී පවතින අතර, ඕනෑම අබියෝගයක් හමුවේ ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය සහ රටේ සියලු අංශවල වර්ධනය පෙන්නුම් කරනවා.
අගමැතිවරයාගේ අඛණ්ඩ නායකත්වය ඉන්දියාවේ අනාගත අභිවෘද්ධිය සහ සෞභාග්‍යය ගෙන එන බවත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිගු කාලීන බැඳීම මෙතුලින් තවත් ශක්තිමත් වන බව ද නාහිමියෝ පවසති.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බානගල උපතිස්ස නාහිමිගෙන් මෝදිට ආශිර්වාද
Kuma Friday, 07 June 2024 06:17 AM
අපි පාඩම් කරගත්තේ තුන්වැනි පාර ඉල්ලන්නේ ලංකාවේ විතරයි කියලා. එකත් බලපුවාම තන්හාව නිසා කියලා.. එකත් බොරුද එතකොට