IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බැන්කි මූන්ගෙන් රනිල්ට ලොකු සහතිකයක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම තිරසර සංවර්ධන අරමුණු ජය ගනු ඇතැයි තමා විශ්වාස කරන බව එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් ගෝලීය හරිත වර්ධක ආයතනයේ සභාපති බෑන් කී මූන් මහතා පැවසීය.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින්නේ පරිණත, බුද්ධිමත් නායකයෙක් බවද බැන්කි මූන් මහතා කීය.

 කොළඹ හිල්ටන් හෝටලයේ පැවති “හරිත වර්ධන මාවතකට ශ්‍රී ලංකාව ගෙන යාම වේගවත් කිරීම සඳහා වූ උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවට එක්වෙමින් බැන්කි මූන් මහතා මෙි බව පැවසීය.

"මම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ලෙස මීට වසර හය හමාරකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියා . එදා ලංකාවේ තිබුණු තත්ත්වය සහ අද තිබෙන තත්ත්වය අතර විශාල වෙනසක් පවතිනවා. එය ආර්ථික, දේශපාලන හා සමාජයීය වෙනසක් යනුවෙන් ද බැන්කි මූන් මහතා පැවසීය.



අදහස් (6)

බැන්කි මූන්ගෙන් රනිල්ට ලොකු සහතිකයක්

abbllin Monday, 06 February 2023 08:06 PM

"ප්‍රජාතන්ත්‍රවාදී" කියන වචනය ලියන්නවත් දන්න කෙනෙක් මේක කිව්වා නම් ටිකක් සලකා බලන්න තිබුණා නේද?

:       25       16

Jagath Monday, 06 February 2023 08:13 PM

බෑන් කී මූන්ට මේ වෙලාවේ ලංකාව වෙනුවෙන් කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ... රනිල් නිකං ගොබ්බසේන වගේ මේ වගේ ප්‍රවෘත්තිවලින් තමයි ගොඩයන්න බලන්නේ.

:       25       23

අරවින්ද මොණරවිල Tuesday, 07 February 2023 07:15 AM

අවුරුදු 79 ක් වයසැති මේ මහල්ලා තමන්ට තරු පහේ හෝටලයකින් නොමිලේ ලැබෙන කෑම වේලක් වෙනුවෙන් මෙවැනි පුරසාරම් දොඩවනේ රනිල් ගැනවත් ශ්‍රිලංකාව ගැනවත් විතරක් නොවෙයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලාවත් තිරසර සංවර්ධනය කියන්නේ මොකක්ද කිය.ලාවත් නොදැන බව නම් සහතිකයි.

:       5       6

ණය චූන් Tuesday, 07 February 2023 07:34 AM

අනුන්ගෙ ගානෙ බොන එකාලත් ඔහොමයි... බොන්ඩ අරන් දීපු එකාගෙ නැති හොඳ කියවනවා... අපි නොදන්න මූන්.. පිස්සු හැදෙන සඳ!

:       4       6

Janaka from Matara Tuesday, 07 February 2023 09:12 AM

එහේ දන්නව ප්‍රජාතන්ත්‍රවාදී කියන එක ඉංගිරිසියෙනුයි කොරියානුවෙනුයි ලියන්න​.

:       2       5

සමන් විමල් Tuesday, 07 February 2023 01:23 PM

යකෝ! ඇමරිකන් පක්කලියො ඔක්කොම මෙහෙ කඩා පාත් වෙලා වනල යන්නෙ රනිලුත් ඇමරිකන් පක්කාලියෙක් හින්දාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site