IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බුදු පිළිමය යට දරුවකු දමා ගිය මව අත්අඩංගුවට

(ෂේන් සෙනෙවිරත්න)

වත්තේගම පොලිස් වසමේ ඇල්කඩුවමාර්ගයේමලියදේව ලෙන් විහාරය ඉදිරිපිට බුදු මැදුරේබුදු පිලිමයයට කුඩා බිළිඳෙකුදමාගියමව සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ උකුවෙල පේයාඩ් ප්‍රදේශයේ 38 හැවිරිදි විවාහක කාන්තාවකි. පොලීසිය එම කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදීඇය පවසා ඇත්තේතමන් විවාහක කාන්තාවක් බවත්දරු දෙදෙනකුසිටින බවත්මෑතකදී උපන් දරුවාගේ පීතෘත්වයසැමියා විසින්ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්කලකිරීමට පත්වඑසේ දරුවාඅතහැර දැමීමට පියවර ගත් බවයි .

මග දෙපස ඇති ආවේක්ෂණ කැමරා පද්ධති පරික්ෂාකිරීමෙන්සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි .

දින පහක් වයසැතිඑම බිළිදා වත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවදරුවාට අවශ්‍යපහසුකම් එහි නොමැතිවීම හේතුවෙන්මහනුවර ජාතික රෝහලේ ළදරු ඒකකයට එම දරුවා ඇතුළත් කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබුණි .

දරුවාගේ මවඅධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් වික්‍රමසිංහමහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි .



අදහස් (8)

බුදු පිළිමය යට දරුවකු දමා ගිය මව අත්අඩංගුවට

Lalith Jayasinghe Friday, 05 May 2023 11:20 PM

අම්මව විතරද අත්අඩංගුවට ගන්නේ. තාත්තව නැතිද? පීතෘත්වය සහතික කරගන්න ඔය DNA පරීක්ෂාව තියෙන්නේ.

:       0       6

Perera Saturday, 06 May 2023 01:38 AM

මෝඩ මිනිස්සු DNA පරීක්ෂණ ගැනවත් දන්නෙ නැද්ද?

:       1       4

Kumara rathna Saturday, 06 May 2023 06:37 AM

ඇයි එහෙම දරුවෙක්ව දරුවන් නැති යාලුවෙකුට හදාගන්න දෙන්න බැරි. අපිත් දරුවෝ නැති අය නිසා කිව්වේ.

:       0       6

Sanju Sanju Saturday, 06 May 2023 10:00 AM

අනේ මට දෙන්න මම හදාගන්නම් මුන්ට හිතක් පපුවක් නැද්ද කිරි සප්පයෝ මහ මග දාලා යන්න

:       0       2

Philicks liyanage Saturday, 06 May 2023 12:52 PM

දරුවගේ සහ පියාගේ D. N. A කරන්න

:       0       2

Pradeep Kumara Saturday, 06 May 2023 01:09 PM

තමන්ට හදා වඩා ගත නොහැකි දරුවන් විධිමත් ක්‍රමයකට දරුවන් ලබා ගැනීමට කැමති අය හට ලබා ගැනීමේ ක්‍රමයක් ඉක්මනින්ම අපේ රටට ඕන. එසේ නොවුවහොත් දරුවන් ගේ සහ එම මවු වරුන්ගේ ජීවිත වලටත් හානි සිදුවෙයි. දරුවන්ද ඝාතනය කර තමන්ද සිය දිවි හානි කර ගන්නා මවු වරුන් ගැන අපට නිතර අසන්නට ලැබෙයි.

:       0       4

චිරන්ත Saturday, 06 May 2023 02:59 PM

ප්‍රදීප් කුමාර දැක්කේ නැද්ද පරිවාස දෙපාර්තමේන්තුවට මෙහෙම දරුවන් බාර ගැනීමට කවුළු විවෘත කරනවා කියලා පුවතක්... එහෙම නැතත් දැනටත් ඒ ආයතන සඳහා දරුවෝ බාර දෙන්න හැකියාව තියෙනවා... ඉතින් ප්‍රදීප් ඔහේට දරුවෙක් අවශ්‍ය නම් පරිවාස දෙපාර්තමේන්තුවට ගොස් නැත්නම් උසාවිවල තියෙන පරිවාස කාර්යාලයකට ගොස් ලියාපදිංචි වෙන්න (පරිවාස දෙපාර්තමේන්තුව අයත් වන්නේ පළාත් සභාවට නිසා ප්‍රාදේශීය ලේකම් කාරයාලයේ පරිවාස නිලධාරින් නැහැ) ලියාපදිංචි වුණොත් ඔබේ සුදුසුකම් අනුව ඔහේට වුණත් දරුවෙක් ගන්න හැකියාව තියෙනවා...

:       0       1

කිරිපුතා Saturday, 06 May 2023 03:44 PM

නීතියෙන් නම් මේවාට නිවැරැදි උත්තර ලැබෙන්නේ නෑ. ඒ මව තවත් අපහසුතාවයට පත්වෙයි. දරුවා මරන්නේ නැතිව බුදුපිලීම වහන්සේ නමකගේ පාමුළ තබා ගියේ දරු සෙනෙහසක් ඇති නිසානේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site