(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මෙරට ආදායම් බදු පෞද්ගලිකව ගෙවීම සඳහා ලියාපදිංචිවී සිටින පුද්ගලයන් ලක්ෂ පහෙන් ආදායම් බදු ගෙවන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
මෙරට සීමිත සමාගම් 105,000ක් ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචිවී සිටින බවත් එම සමාගම්වල බදු ආදායමෙන් සියයට 82 ක් ලැබෙනුයේ සමාගම් 382කින් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවීමට ඇති හිග බදු මුදල වන රුපියල් කෝටි 90400 ක මුදල අයකර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවිය.
බදු ආදායම් අයකර ගැනීම ක්‍රමවත් කිරීම සඳහා දේශීය ආදායම් බදු පනත සංශෝධනය කිරීමට සහ බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීමට අධිකරණ අමාත්‍යවරයා සමග සාකච්ඡා කරගෙන යන බව සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
අලුත්ගමගේ මහතා මෙසේ පැවසුවේ ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගිය (06) වැනිදා රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දැක්වූ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ සිය දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කර ගැනීම සඳහා ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ලැබෙන සහයෝගය අගය කරන බවයි.
පසුගිය 2023 වර්ෂය සඳහා රජය ලබාදී ඇති බදු ආදායම් ඉලක්කය වන රුපියල් කෝටි ලක්ෂ 16ක මුදල මුල් මාස 6 තුළ සියයට 40 ක් ලෙස සහ ඉතිරි මාස හය තුළ සියයට 60ක් වශයෙන් ඉපයීමට අපේක්ෂිතවූ බවත් මුල් මාස 6ට අදාළ ඉලක්කය මේ වනවිට සපුරා ඇති බවත් කොමසාරිස්වරයා සඳහන් කළේය.
එයට අමතරව ඉතිරි මාස 6 දී අපේක්ෂිත බදු ආදායම් උපයා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසිය.
මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ බදු අදායම් ලැබීම නියාමනය කිරීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අවශ්‍ය බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා රේගු දෙපාර්ගමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුව යනාදී ආයතන එකිනෙකට සම්බන්ධ කරමින් ඩිජිටල් දත්ත පද්ධතියක් ඉතා ඉක්මනින් සකසා ගැනීමේ අවශ්‍යතාව මෙන්ම මෙරට පෞද්ගලික බදු ලිපිගොනු නැවත ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවද කමිටුවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරුන්වන විමලවීර දිසානායක, ඉරාන් වික්‍රමරත්න, සුදත් මංජුල, ගුණතිලක රාජපක්ෂ, ධම්මික පෙරේරා, උදයන කිරිඳිගොඩ, කරුණාදාස කොඩිතුවක්කු, මධුර විතානගේ, එම්. මුසාම්මිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදු පොල්ලේ තරම හෙළිවේ
Nimal Wednesday, 12 July 2023 06:01 PM
නියම කෙනෙකුටනේ සභාපතිකම දීලා තියෙන්නේ. හොරු අල්ලන්න ඉන්නේ ඊටත් වඩා කම්බ හොරෙක්නේ...!
පියල් වීරසිංහ Wednesday, 12 July 2023 06:01 PM
පළමුව බලන්න... මහින්දානන්ද බදු මුදල් ගෙවලා තියනවාද කියලා. ඔවුන් තමයි නියම කම්බ හොරු...
Perera Thursday, 13 July 2023 07:31 AM
අනුන්ගේ ඒවා හොයන්න කළින් තමුන් පහුගිය වසරට කීයක් බදු ගෙව්වද කියලා කියන්න බලන්න.
duminda Thursday, 13 July 2023 09:26 AM
කම්බ හොරෙක්නෙ බදු ගැන කථා කරන්නෙ, මූ කීයක් හිඟ තියනවද කියල හොයල බලන්න ඔනෙ.
Bunny Preena Thursday, 13 July 2023 11:24 AM
බදු පොල්ල ගැන කතාකරන මෙගොල්ලන්ට මහජනයා පොල්ල දික්කරන දවසට දුවන්ට පාරෙ ඉඩ මදි වෙයි.
චන්දන Thursday, 13 July 2023 11:30 AM
ඇත්ත. මංගල ගෙ කාලෙ ලීසිං කරල කාර් ගත්තු අයට ටැක්ස් ෆයිල් ඇරියා. කිසිම තේරුමක් නැහැ. එයාල ට ටැක්ස් ගෙවන්න බැරි අය. එයාල ට ඇරිය ෆයිල් සාධාරණ ද කියල බල්න්න.
HELAYA Thursday, 13 July 2023 01:08 PM
බදු ,පොළී ,සයිස් එක බලන්න කලින් දූශිත දේශපාලුවන්ගේ හොර ,පොළී ,සයිස් එක බලන්නේ නැද්ද?