(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
බදු අභියාචනා විමසීම අකාර්යක්ෂම තත්වයක පවතින හෙයින් බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීමට කටයුතු කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
එම කොමිසම අහෝසි කිරීමට විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.
මෙම කොමිසම පසුගිය අවුරුදු දෙකටම එකම නඩුවක් හෝ පවරා නැතැයි පැවසූ රාජපක්ෂ මහතා එය බරපතළ කාරණයක් බවද පෙන්වා දුන්නේය.
අභියාචනා විමසීම ප්‍රමාදවීම හේතුවෙන් රුපියල් කෝටි 11,700 කට වැඩි හිඟ බදු අයකර ගැනීමට නොහැකිවී තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
සක්‍රීය කාර්යභාරයක් ඉටු නොකරන මෙවැනි කොමිෂන් සභා විශාල මුදලක් වැය කරමින් නඩත්තු කිරීම සුදුසු නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බදු අභියාචනා කොමිසම ඈවරයි:කෝටි එකොළොස් දාහක් වතුරේ
සුනිලානන්ද Sunday, 09 July 2023 06:08 AM
ඉස්සර කියමනක් තිබුණා... හොරාගේ අම්මාගෙන් පේන අහලා වැඩක් නැහැ කියලා. ඒත් ඇමැතිවරයා ඒක අහලා නැහැ වගෙයි. කොහොම වුණත් බදු කොමිසමේ ඉන්නෙත් මිනිස්සු නිසා උන්දැලා පණට බයයි කියලා හිතෙනවා. ඔවුන් වැඩක් කරලා නැත්නම් ගෙවූ වැටුප් හා දීමනා ආපසු අයකර ගන්න ඇත්තටම ආණ්ඩුව වැඩ කරන්නේ මෙහෙම නම් මාලිමාව ගැන හිතන්න වෙනවා...
Rata Perata Sunday, 09 July 2023 12:48 PM
වැඩේ හරියට කරන්නේ නැතිව හිටපු අයට දඬුවම් දෙන්න ඉස්සෙල්ලාම... ඊටපස්සේ කරන්න පුළුවන් පිරිසක් පත්කරන්න. එහෙම නැතිව කොමිසම් අහෝසි කරලා හරියනවද? මොවුන්ගේ මොළවල් තමයි මොල...!