IMG-LOGO

බදු අඩුකර ගන්න ගියාම දිරච්ච ලණුවක් දීලා

(කැළුම් බණ්ඩාර ඩේලි මිරර්)

ඇමෙරිකාවේ "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ පසුගිය අප්‍රේල් 2 වැනිදා මෙරටට පැනවීමට යෝජනා කළ සියයට 44 ක තීරු බද්ද අඩුකර ගැනීම සඳහා කළ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව චීනය සමග කරන වෙළෙඳ කටයුතු යම්යම් සීමා කිරීම්වලට යටත් කිරීමට පියවර ගන්නා ලෙස ඇමෙරිකා බලධාරීන් යෝජනා කර ඇතත් මෙරට මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකා බලධාරීන් එම යෝජනා ප්‍රතික්ෂේප කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.‍

"අන්‍යෝන්‍ය බදු" ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ලබා දුන් දින 90 ක සහන කාලය අවසානයේදී විශාලතම බදු අඩුකිරීම් ලබාගත් රටවල් අතරට ශ්‍රී ලංකාව ද අයත් වන අතර එහිදී සියයට 44 ක තීරු බද්ද සියයට 30 දක්වා අඩු කර ගැනීමට මෙරටට හැකියාව ලැබිණි.

සියයට 14 ක ප්‍රතිශතයකින් තීරුබදු අඩු කිරීමේ දැනුම් දීම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලිපියක් මාර්ගයෙන් නිල වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පසුගියදා දැනුම් දුන්නේය.

බංග්ලාදේශය, ලාඕසය, මියන්මාරය සහ කාම්බෝජය වැනි තරගකාරී රටවලට පනවා තිබෙන තීරුබදු ප්‍රතිශතවලට වඩා මෙරටට පනවා ඇති තීරු බදු ප්‍රතිශතය අඩු මට්ටමක පැවැතීම හේතුවෙන් ලබාගත් ප්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතුටු වුවත් වියට්නාමය වැනි රටවලට පනවා ඇති තීරු බද්ද අප රටට වඩා අඩුවීම හේතුවෙන් යම් කැළඹීමක් ද හටගෙන ඇත.

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර වෙළෙඳාමේ දී තිබෙන අසමානතා ජනපති ට්‍රම්ප් එම ලිපිය මගින් පෙන්වා දී තිබූ අතර ශ්‍රී ලංකාවේ බදු, බදු නොවන ප්‍රතිපත්ති සහ වෙළෙඳ බාධක හේතුවෙන් වෙළෙඳාමේ දී දෙරට අතර "අන්‍යෝන්‍ය" සබඳතාවක් නොමැති බව ද පෙන්වා දී තිබිණි.

එය ඇමෙරිකාවේ ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් හඳුන්වා දී තිබූ අතර වෙළෙඳ හිඟය ආමන්ත්‍රණය කිරීමට සියයට 30ක තීරු බද්ද අත්‍යවශ්‍ය බව එම ලිපියේ සඳහන් විණි.

එළැඹෙන 1 වැනිදා සිට ඇමෙරිකාව ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන සියලුම භාණ්ඩ සඳහා සියයට 30 තීරු බද්දක් අය කරන බවත් එම බද්ද අය කරන්නේ අනෙකුත් බදුවලට අමතරව බවත් එම ලිපියේ දැක්වේ.

 



අදහස් (4)

බදු අඩුකර ගන්න ගියාම දිරච්ච ලණුවක් දීලා

යෝගා Sunday, 13 July 2025 10:41 PM

ඔය කරගෙන තියෙන්නේ ලෙසටම. ජේවීපි ගංකබර තියරියෙන් ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කරන්න බැරි බව ආණ්ඩුව තේරුම් ගන්නකොට රටට වෙන්න ඕනෑ විනාශය වෙලා ඉවරයි. අනුර ෆේල්...

:       3       1

Nandalal DE SILVA - France Sunday, 13 July 2025 11:28 PM

අමෙරිකාව මේවා ගැන ඇස් ඇරගෙන බලා සිටිනවා . මෙතරම් ණය කන්දක් වෙනුවෙන් වාරික ගෙවීමට තිබෙන ශ්‍රී ලංකාව වැනි රටකට තීරු බදු සහන දීමට තරම් ට්‍රම්ප් මෝඩ නැත . අපි ඔහුගේ හැමදේම සාමාන්‍යනීය කරන්නෙත් නැහැ. චීන ණය දීලා හොද්ද බොර කරගත්තා. රාජපක්ෂලා ඒකෙනුත් ඇති වෙන්න මඩි තර කර ගත් බව කියන්න ඕනද? ට්‍රම්ප් මෙම දඬුවම දුන්නේ, AKD රජයට නොවෙයි... අපේ මුළු රටටම බව දැන් පැහැදිලි නැද්ද ???

:       3       4

ගුණරත්න Monday, 14 July 2025 08:40 AM

චීනේ අපේ බඩු ගන්නේ සියයට 2ක් වගේ සුළු ප්‍රමාණයක්. නමුත් එක්සත් ජනපදය ගන්නවා ඒ වගේ දොළොස් ගුණයක බඩු. ඉතින් කවුද අපට වඩාත් වැදගත් ව්‍යාපාරික මිත්‍රයා?

:       3       2

Rama Monday, 14 July 2025 08:58 AM

ඉන්දියාවට 20%යි. අඩුකළ ප්‍රතිශතය නෙවෙයි මෙතන අන්තිමට බලපාන්නේ. අපිට ගෙවන්න වෙන ප්‍රතිශතය දිහායි බලන්න ඕන. ඉතින් අපේ 30% කොහොමද හොඳයි කියන්නේ. රජය ප්‍රශ්නය මග හරින්නයි හදන්නේ.

:       5       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 6 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 21 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 434 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site