IMG-LOGO

බදුල්ලේ මාර ගසක් තුළ රිවෝල්වරයක්

(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල ග්ලේන්පින්වත්ත තේ වත්තේ මාර ගසක බෙනයක් තුළ සගවා තිබූ   අයිතිකරුවෙකු නොමැති  විදේශ  රටක නිශ්පාදිත රිවෝල්වරයක් සහ වෙඩිබෙහෙත් තොගයක් අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි .

ලැබුණු තොරතුරක් මත බදුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක්  බදුල්ල ග්ලේන්පින්වත්ත ට ගොස් මෙම වැටලීම සිදුකර තේ වත්තේ  මාරගසක බෙනයක් තුළ ඉටි බෑගයක දමා සගවා තිබූ රිවෝල්වරය සහ වෙඩිබෙහෙත් සොයා ගත් බවද පොලිසිය සදහන් කළේය .

විදේශ රටක නිශ්පාදිත මෙම රිවෝල්වරය සොයා ගන්නා විටත් එය මළකඩ කා තිබූ බවත් ,වෙඩිබෙහෙත් මිලිග්රැම් 437 ක් තිබූ බවද පොලිසිය පැවසීය .

මෙය කිසිවෙකු විසින් කිසියම් අපරාධයක් කිරිමට හෝ අපරාධයක් සිදු කර මෙසේ රිවෝල්වරය සගවා  තැබුවේ ද යන්න සොයා පරික්ෂණ කටයුතු සිදු කරන බවද උසස් පොලිස් නිළධාරියකු කීහ .

බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල , පොලිස් අධිකාරි බුද්දික ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ටී එම් රත්නායක  උපපොලිස් පරික්ෂක ඩී.එම් .අනුර ,සැරයන්  35234 සමන්ත , 33778 ජයසිංහ , 54116 විජෙතුංග, 40840 රත්නසිරි  යන මහත්වරුන් වැඩිදුර පරික්ෂණ පවත්වති .



අදහස් (0)

බදුල්ලේ මාර ගසක් තුළ රිවෝල්වරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 4 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 174 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 495 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site