IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බදුල්ල මන්ත්‍රි චාමර සම්පත් අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

ඌව පළාත් මහ ඇමැතිව සිටියදී සිදු වූ අක්‍රමකතාවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.  

ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කරන බව ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කියයි.

----------------------------------------------------------

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රශ්න කරමින් පවතින බව එම ආරංචි මාර්ග පවසයි.

චාමර සම්පත් මහතා ඌව පළාත් අමාත්‍යවරයාව සිටියදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එම ප්‍රශ්න කිරීම් කරන බවද සදහන්වේ.



අදහස් (25)

බදුල්ල මන්ත්‍රි චාමර සම්පත් අත්අඩංගුවට

අරවින්ද මොණරවිල Thursday, 27 March 2025 02:22 PM

සුබ නැකතට සුබ ආරංචියක් ! දැන් කෙදිරිලි බැහැ...හරිද

:       18       18

ගමේ එකාලා Thursday, 27 March 2025 02:24 PM

දූෂිත දේසපාලුවාට හොන්ද වැඩේ.

:       15       17

Kompas Thursday, 27 March 2025 02:37 PM

අපි චාමරගේ කට වහලා තමයි නවතින්නේ...

:       40       18

Wanniarachchi Thursday, 27 March 2025 02:42 PM

යහපාලන ආණ්ඩුව වගේ තමයි. අල්ලගෙන අල්ලගෙන යනවා. අන්තිමට නිදොස්කොට නිදහස් වෙනවා. දැන් අවුරු 10කට වැඩි නඩුවලට පුලුවන්ද සාක්ෂි හොයන්න?

:       33       142

Jamal Thursday, 27 March 2025 02:43 PM

ඕනන ජෙප්පන්ට සන්තෝස වෙන්න... චූන් වෙන්න එහෙමත් පොඩි වේලාවක් තියෙනවා.... ඉක්මණට සතුටු වෙන්න පුළුවන්... සම්පත් එළියට එන්න කලින් හොදේ අපි එයට කියන්නම් ඉද්දි කෙදිරි ගගා එන්න කියලා

:       34       86

AnudiThursday, 27 March 2025 03:35 PM

එයාට පලිගන්නවා කියල නහයෙන් අඬන්න එපා කියන පණිවිඩේ ගිහිල්ලා. ඔයාට ඇවිල්ල නෑ. ඒකයි මේ හොටු පෙරන්නේ.

:       23       12

anuraThursday, 27 March 2025 04:40 PM

සම්පත්ගෙන් හොඳට කාලා වගේ ලොක්කා. මැණික් එහෙමත් දුන්නාද?

:       0       2

කෞෂි Thursday, 27 March 2025 02:48 PM

දැන් ඔය හොරා කාලා ලොකු වෙලා තියෙන බඩ අඩුවෙයි.

:       71       32

ගුණරත්න Thursday, 27 March 2025 02:49 PM

ආණ්ඩුවට විරුද්ධව කතා කලොත් මොකක් හරි චෝදනාවක් වැටිලා හිරේ යන්න සූදානම් වෙන්න.

:       40       113

Siri Thursday, 27 March 2025 02:57 PM

බන්ධනාගාර ඉස්පිරිතාලෙට හයිය ඇති ලොකු ඇඳක් ගන්න තමයි වෙන්නේ. ඉස්සර වගේ දැන් කාලේ දුවිලි පොළවේ එලාපු පැදුරු වලට දාන තත්වයක් නෑනේ.

:       35       14

මැක්ස් Thursday, 27 March 2025 03:16 PM

චාමර සම්පත්, විපක්ෂ නායකයාගේ කාර්ය භාරය ද ඉටු කරමිනි සිටීමයි මෙයට හේතුව. මාලිමාවන්ගේ නරුම ස්වභාවය ඔන්න දැන් හොදට පේනවා.

:       23       80

කෞෂි Thursday, 27 March 2025 03:17 PM

ඔයාගෙ හොරකම් ඔක්කොම අවුරුදු දහයට වැඩිද?

:       24       9

සුජිත්Thursday, 27 March 2025 04:18 PM

මාලිමාවට කඩේ ගිය ටොයිලට් හොරා ගැන පැමිණිලි කරලා දවස් ගානක් වෙනවා.හඬ පට තියෙනවා සාක්ෂි තියෙනවා ජනාධිපතිගේ නමත් විකුණලා නමුත් තාම නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ.මේ අයගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද පළිගැනීම් හැර.

:       6       19

වත්සි Thursday, 27 March 2025 03:17 PM

සිස්ටම් චේජ්න්!

:       6       36

ජිල්බු Thursday, 27 March 2025 04:54 PM

හොරුන්ට වන්දනාමාන කරන අය ඉන්න, ජනගහනයෙන් වැඩි පිරිසක් තම තමන්ට පුළුවන් විදිහට හොරකම් කරන අය ඉන්න රටක සිස්ටම් චේන්ජ් කරන්න හරිම ලේසියි..

:       0       3

බටලන්දේ ප්‍රේමවතී Thursday, 27 March 2025 03:27 PM

ගුණරත්න, හොර අහුවේගෙන යනකොට බයියන්ට කෙඳිරි ගාන්න එපා කියන මැසේජ් එක ආවේ නැද්ද ඔහේට?

:       24       17

පුරවැසියන් Thursday, 27 March 2025 03:32 PM

අඩේ චාමරට ලංකාවේ හැමතැනම හරක් ඉන්නවා බදුල්ලේ විතරයි කියල මම හිතුවේ . හොරා කෑවාම අල්ලස් ගත්තාම මිනීමැරුවාම හුරේ දාන රටක්

:       34       25

JiwanThursday, 27 March 2025 03:59 PM

අල්ලස් ගන්න පුලුවන් මාලිමාවෙ අයට හැබැයි. කප්පම් ගන්න ගිහිල්ලත් අතේ මාට්‍ටු වෙලා නෝන්ඩි වෙලා ආව නේද? මහලොකු සුපිරිසිඳු චරිත හැබැයි හාල් වලින් කිලෝවකින් රුපියල් 64ක් ගැහුවා. එක පාර කෝටි 180ක් ඒවගෙන් විතරක් හොයා ගත්තා.

:       6       13

Ranfer Thursday, 27 March 2025 03:56 PM

චාමරගෙ ප්‍රශ්නයක් ඇති. ඒත් අත් අඩංගුවට ගත්තේ ඒ හින්දාම නෙවි.

:       6       19

සිල්වා Thursday, 27 March 2025 04:18 PM

කුකුල් චූන් වැඩ නොකර මහජනතාවගේ ප්‍රශ්න විසඳපල්ලා.

:       7       21

වින්සන්ට් කජ්ජාThursday, 27 March 2025 04:56 PM

හොරු අල්ලන එකත් ජනතාව ඉල්ලපු එකක්. ඒකනේ හිටපු පරම පවිත්‍ර කට්ටියට ඇඩ්රස් නැති වුනේ...

:       0       4

සන්ක Friday, 28 March 2025 07:24 AM

බලාගෙන ගියාම මේ මහ ලොකුවට පාර්ලිමේන්තුවෙ අසෝබන විදිහට කෑ ගහල මහ විකාර කරපු මේ හාදය පට්ට හොරෙක්නෙ.පොහොටිටු ඔක්කොම කම්බ හොරුරැලක්නෙ.

:       0       0

තබුත්තේගම අන්දරේ Thursday, 27 March 2025 04:36 PM

අන්න චාමරට ඇප දීලා.

:       0       1

පිටිගල මිලානෝ Thursday, 27 March 2025 05:10 PM

ඇප දුන්නාලු ඉක්මනටම මොකද මේ මනුස්සයාට රජයේ මුදලින් කන්න දුන්නොත් භාණ්ඩාගාරේ හිස්වෙයි කියන බයට…

:       1       2

යෝගා Thursday, 27 March 2025 05:29 PM

බොරු චෝදනා දාලා අත්අඩංගුවට ගන්නවා. හැරෙන තැපෑලෙන් ඇප ලැබෙනවා. ඊට පස්සේ නිදොස් කොට නිදහස් කරනවා. පච ආණ්ඩුව මාර නෑමක්නේ නාන්නේ...!

:       5       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site