(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර)
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ දියතලාව හපුතලේ අතර ප්‍රදේශයට නැවතත් අද (24) පස්වරු 6.45 ට පමණ දැවැන්ත කරපන්ටයින් ගසක් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි ද රාත්‍රි 8 සිට හෙට උදෑසන වනතෙක් එම මාර්ගය වසා දමන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි .
මෙයට විකල්ප මාර්ගය ලෙස බණ්ඩාරවෙල උඩපාර කහගොල්ල මාර්ගය භාවිතා කරන ලෙසට රථ වාහන රියදුරන් ට දැනුම් දෙයි .
පවතින වර්ෂාවත් සමඟ හමායන අධික සුලං හේතුවෙන් දියතලාව හපුතලේ මාර්ගය දෙපස පිහිටි විශාල ටර්පන්ටයින් ගස් කඩා වැටීමට පටන් ගෙන තිබිම නිසාවෙන් මෙසේ ජනතාවගේ ආරක්ශාව පතා මෙම තීරණය ගත් බව උදයකුමාර මහතා පැවසීය .
කෙසේ වෙතත් දියතලාව හපුතලේ අතර මාර්ගයට අද (24) උදෑසන ද විශාල ටර්පන්ටයින් ගස් කීපයක් කඩා වැටීමෙන් හපුතලේ දියතලාව මාර්ගයේ රථ වාහන ධාවනය ඇණ හිට තිබූ අතර ,එම මාර්ගය ට කඩා වැටී තිබූ ගස්කපා ඉවත් කර මාර්ගය අද පස්වරුවේ යථා තත්වයට පත් කර තිබියදී රාත්‍රියේ මාර්ගයට යලි ගස් කඩා වැටීමෙන් රථ වාහන ධාවනය ට බාධා සිදුව ඇත.
එම කඩා වැටි ඇති විශාල ගස් හෙට උදෑසන කපා ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවද හෙතෙම සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුල්ල-කොළඹ පාර දියතලාවෙන් වහයි