
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
බෙදුම්වාදීන්, දුම්රියට ගොඩ වී දුම්රිය ඔවුන්ගේ පාලනයට ගෙන ඇත්තේ මගී දුම්රියට වෙඩි තබමින් පහර දෙමිනි. එම ප්‍රහාරයෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එසේ වූයේ දුම්රිය බිංගෙයක් තුළින් යද්දී නතර කරමිණි.
මියගිය 10 දෙනාගෙන් නව දෙනකු දුම්රියේ ආරක්ෂාවට යොදවා සිටි පාකිස්තාන ආරක්ෂක අංශ සාමාජිකයන් වන අතර, අනෙක් තැනැත්තා දුම්රිය රියදුරාය.
සටන්කාමීන් දුම්රියට පහර දීමට පැමිණෙද්දී, ඊට 400 කට වැඩි පිරිසක් ගොඩවී සිටි නමුත්, සටන්කාමීන් පහර දෙද්දී බොහෝ දෙනකු දුම්රියෙන් බැස පලා ගිය බව ද වාර්තා වේ.
ප්‍රහාරය එල්ල වූයේත් පැහැර ගැනීමට ලක්වූයේත් ජෆාර් එක්ස්ප්‍රෙස් නමැති සීඝ්‍රගාමී මගී දුම්රියයි. පැහැර ගැනීම සිදුවූයේ ඊයේ (11) උදෑසන 9 ට පමණය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2443
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
ජිල්බු Wednesday, 12 March 2025 09:10 AM
දැන් කෝච්චිය බලු කිස් ස්ථානයේ නායකයාගේ ගේ පිටිපස්සේ නම්බර් ප්ලේට් ගලවල හංගල ඇති.
fairoos Wednesday, 12 March 2025 12:24 PM
දුම්රිය පැහැරගෙන කොහේ ගෙනිච්චාද? සෑහෙන්ඩ බොන්ඩ ඕනෑ ප්‍රශ්නයක්