
(අංජුල මහික වීරරත්න)
බුද්ධරශ්මි වෙසක් කලාපය මෙම 23,24,25 සහ 26 දිනවල ජනාධිපති කාර්යාලය, ෂැංග්‍රිලා හරිත භූමිය සහ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.
කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය එක්ව මෙය සංවිධාන කරයි.
“අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච” (අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාව යටතේ සංවිධානය කර තිබෙන මෙම වෙසක් කලාපය මහා වෙසක් තොරණ, වෙසක් කූඩු ප්‍රදර්ශනය, බොදු බැති ගී, වෙසක් දන්සල්, තොවිල් සහ දෙවොල්මඩු, ශාන්තිකර්ම, මල් පෙරහර, සතිමත්භාවය වැඩසටහන, විරිදු ගායනා, විදුලි පහන් අලංකරණය සහ සංස්කෘතිකාංග රැසකින් සමන්විතය.
ජනාධිපති ලේකම් කාර්යාලය අසල බත් දන්සල සහ බිස්කට්, තේ පැන් දන්සල 23,24 සහ 25 යන දිනවල රාත්‍රී 7 සිට පැවැත් වේ.
මැයි 23,24 සහ 25 යන දිනවලදී ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී, ෂැංග්‍රිලා හරිත භූමියේ දී සහ ගංගාරාම විහාරස්ථානය ආශ්‍රිත වෙසක් කලාපයේ දී බොදු බැති ගී ප්‍රසංගයක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා පොලීසියේ භක්ති ගීත කණ්ඩායම් විසින් එය ඉදිරිපත් කරනු ලබයි.
බාලදක්ෂ මාවත හා බේරේ වැව ආශ්‍රිත බිම්තීරයේ “චුල්ල ධර්මපාල” ජාතකය නිරූපණය කරන වෙසක් තොරණ සහ දර්ශනීය පහන්කූඩු මැයි 23,24 සහ 25 යන තෙදින ප්‍රදර්ශනය කෙරෙන අතර මැයි 23 වැනිදා පස්වරු 7.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් එය විවෘත කිරීමට නියමිතය.
ගංගාරාම විහාරස්ථානය ආශ්‍රිතව ඉදිවන “මඝ මානවක” ජාතකය නිරූපණය කරන වෙසක් තොරණ මැයි 23,24,25 සහ 26 දිනයන්හිදී ප්‍රදර්ශනය කෙරේ.
පාසල් දරුවන්, විශ්වවිද්‍යාල, ජාත්‍යන්තර පාසල්, තාක්ෂණ විද්‍යාල නියෝජනය කරමින් 500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙන “සතිමත් භාවය” පිළිබඳ වැඩසටහන හෙට (20) පෙ.ව 7.30ට කොළඹ, නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුද්ධ රශ්මී වෙසක් කලාපය දින හතරක්
☔ ☔ Monday, 20 May 2024 09:42 AM
මෙවර වෙසක් උත්සවය සාර්ථකව කරන්න බැරිවෙන බවක් තමයි පවතින වැස්සෙන් කියන්නෙ