IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බුද්ධ ධර්මය ප්‍රශ්නපත්‍රයට වෙනත් ආගමක ප්‍රශ්නපත්‍රයක් දීලා

(නිමල් ජයරත්න )

දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් පාසලක පහ වසර ශිෂ්‍යත්ව විභාග බුද්ධ ධර්මය පෙරහරු ප්‍රශ්න පත්‍රය වෙනුවට එම විද්‍යාලයේ වැඩ බලන විදුහල්පතිවරිය බලහත්කාරයෙන් සිසුන් පිරිසකට අන්‍යාගමික ප්‍රශ්න පත්‍රයක් ලබාදීමට එරෙහිව වහාම පරීක්‍ෂණයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ අද( 08 )විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් පැවසූහ.

ඒම පාසලේ හත්වෙනිදා පැවැති ශිෂ්‍යත්ව විභාග බුද්ධ ධර්මය පෙරහුරු ප්‍රශ්න පත්‍රය වෙනුවට එම විදුහලේ වැඩ බලන විදුහල්පතිය විසින් අන්‍යාගමික ‍ප්‍රශ්න පත්‍රයක් ලබාදීමෙන් එම දරුවන් දැඩි අසීරුතාවට පත්ව වූහ.

වැඩ බලන විදුහල්පතිවරයගේ එම ක්‍රියාකලාපයත් සමඟ පන්තිභාර ගුරුතුමිය ඊට විරුද්ධ වී තිබෙන අතර ඒ පිළිබඳ දරුවන්ගේ මවුපියන්ට මෙන්ම විද්‍යාලයේ මවුපියන් සහ දිඹුලාගල මහා සංඝරත්නයේ දැඩි විරෝධයක් පළවුණි.

මෙම චෝදනාව පිළිබඳ වැඩ බලන විදුහල්පතිනියගෙන් දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට අවස්ථා කිහිපයක් උත්සාහ ගත්තද එය අසාර්ථක විය,
අනතුරුව අප දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. මුස්ලමීන් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තමා ඒ සම්බන්ධ දැනුවත් වී ඇති බවත්, ඊට එරෙහිව වහාම පරීක්ෂණයක් සිදු කරන බවත්ය.



අදහස් (4)

බුද්ධ ධර්මය ප්‍රශ්නපත්‍රයට වෙනත් ආගමක ප්‍රශ්නපත්‍රයක් දීලා

Aravinda Monarawila Thursday, 08 February 2024 12:50 PM

වැඩ බලන විදුහල්පතිනිය ආගමික සහ ජෙඑවනය පතුරුවන්න උත්සහා කරන්න ඇති, දැන් කස්සපලටC.I.D. යන්න පුලුවන් ICCPR පනතට අනුව නඩු පවරන්න කියලා.

:       5       2

රංබොඩ Thursday, 08 February 2024 12:51 PM

. ඉඩක් ලද තැනින් මහ ජාතිය පාගා නැගී සිටීමේ අභිලාෂය ඔවුන් තුළ තදින්ම තියෙන වග කවුරුත් දැනගෙන සිටීම වඩා ආරක්ෂා සහිතයි.මේවට ඇතැමුන් ඔළුව කැරකෙන දර්ශන දායි. සමානත්ම.තාවය ගැන කතා කරයි. අන්තිමට පස්ස බිම අනෙනකම් දන්නෙ නෑ.එම අන්තවාදී කනේතාවට යම් දඬුවමක් ලැබේ යැයි බලාපොරොත්තු වුවත් පවතින නිවට පාලනයෙන් එවැන්නක් සිදු නොවනු ඇත.

:       0       7

pasan Thursday, 08 February 2024 01:03 PM

පහ වසර ශිෂ්‍යත්ව විභාග බුද්ධ ධර්මය පෙරහුරු ප්‍රශ්න පත්‍රය ?

:       0       6

Bamunuarachchi Thursday, 08 February 2024 11:31 PM

1969 කාලේ මම ඇල්ලෙවැව රාජකාරි කරන කාලේ දිඹුලාගල එක හම්බ පුළුටක් නොසිටි ප්‍රදේශ දැන් හම්බ ගම්මාන වෙලා. කාගේ වරදද ප්‍රදේශයේ භික්ෂුන් ලාගේ වරද? වලටප්පමක් පන්සලට එවුවාම බෞද්ධ කම අමතකයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site