IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


බුද්ධි අංශත් ද්විත්ව පුරවැසි මැති ඇමැති පසුපස

(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ )

ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කරුණු සෙවීමට  රජයේ බුද්ධි අංශ විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය.

මෙම විමර්ශනයෙන් පසු ඒ  සම්බන්ධයෙන් රජයට නුදුරේදීම මූලික වාර්තාවක් බාරදීමට අපේක්ෂා කරන බව රජයේ බුද්ධි අංශ ආරංචිමාර්ගවලින් පැවසේ.

ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් දස දෙනකු  පමණ සිටින බව විවිධ ආරංචි පැතිර යමින් පවතින හෙයින්  ඒ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා මෙම විමර්ශනය ඇරඹූ බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

දැන ගන්නට ඇති අන්දමට පාර්ලිමේන්තුවේ සිටින  ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනෙක් ද්‍රවිඩ ජාතික අය වෙති. ඉන් බොහෝ දෙනකු කැනඩා සහ නෝර්වේ යන රටවල පුරවැසිභාවය ලැබූවන් බව වාර්තා වේ.

මේ අතර ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්  සමගි ජන බලවේගය පක්ෂය සහ  ජාතික ජන බලවේගය පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම් වලදී  පුළුල් වශයෙන් කරුණු දැක්වීමට සහ ප්‍රශ්න,යෝජනා  යොමු කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.

කෙසේ වෙතත් ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් කිසිවකුත් තමන් ඒ තත්වයේ සිටින බව මෙතෙක් හෙළිදරව් කර හෝ පිළිගෙන හෝ නැතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

ද්විත්ව  පුරවැසි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටී  වහා ඉල්ලා අස්වන්නැයි දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන සහ ආගමික නායකයෝ ඉල්ලීමක් කරති.

ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර  දැරීමට නොහැකි වන වගන්තිය ඇතුළත් විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පසුගිය 21 වැනිදා වැඩි ඡන්දයෙන් සම්මතවිය.



අදහස් (3)

බුද්ධි අංශත් ද්විත්ව පුරවැසි මැති ඇමැති පසුපස

සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 29 October 2022 02:12 PM

හැ(ලප) කුමාරගේ බුද්ධි අංශයට අහුවුණේ නැහැ නේද? එයාලා ඔක්කෝම යාලුවෝ මල්ලී...

:       14       7

sampath Saturday, 29 October 2022 04:29 PM

ඔය තරම් දඟලන්න ඕනෑ නෑ... දිවුරුම් ප්‍රකාශ මගින් ද්විත්ව පුරවැසියන් නොවන බවට දිවුරුම් ප්‍රකාශනය ගන්නකෝ ගන්නකෝ.. අනෙක ද්විත්ව පුරවැසියන් කියලා දැනට පාර්ලිමේන්තුවේ ඉන්න අයට ගැටළුවක් එන්න විදිහක් නෑනේ... අපි බලන්න ඕනේ රටට වැඩක් ඇති අය සහ නැති අය... සමහරු එක පුරවැසියෝ වුණත් වැඩක් නැහැ ප්‍රෙයා්ජනයක් නැතිනම්...!

:       0       3

එමි ශාන්ත Tuesday, 01 November 2022 08:17 AM

හොරට හදන ඔප්පු ලියාපදිංචි කිරිම, එවැනි ඔප්පු මගින් අහිංසක ජනතාවගේ ඉඩම් මන්කොල්ලය නවතන වැඩපිලිවෙලක්, කච්චේරි වල පවතින අඩුපාඩු වගේම අල්ලස් ගැනිම පොලිස් නිලධාරින්ගෙ, මෙන්ම දේශපාලන අතපෙවින් අහිසන්ක ජනතාවට නිතියට යාමෙ අපහසුව ව්‍යාජ ලේඛන ලියාපදිංචිය නතරකරදෙනමෙන් රජයට බලැපැම් කරදෙනමෙන් මම ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිමි,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site