(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ත්‍රික්කයට පවතින දැඩි නියං තත්වය හේතුවෙන් බුද්ධංගල අභයභූමියේ වෙසෙන වන සතුන් දැඩි ජල හිඟයකට මුහුණ පා ඇති බවත්, උහන ප්‍රාදේශීය සභාවේ කාර්යමණ්ඩලය ඔවුන්ට ජලය සැපයීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවත් එහි සභාපති උපුල් ප්‍රියන්ත මහතා සඳහන් කරයි.
බුද්ධංගල අභයභූමිය තුළ වළවල් හාරා, ඊට ජලය යොදා සතුන්ට පානයකිරීමට සැලැස්වූ බවත්, දැනට රඳවා ඇති ජල රඳනවලින් මුවන්, වන අලින්, රිලව් වැනි සතුන් විශාල ප්‍රමාණයක් ජලය පානය කරන බවත්, ඒ මහතා පවසයි.
මේ සඳහා උහන පොලීසිය, උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අම්පාර වනජීවි කාර්යාලය සහ උහන ගුවන් හමුදා කාර්යාලය සහය දක්වති.
මේ සඳහා දිව්ලපිටිය එම්. එම්. සී. ආයතනයේ චමින්ද දරිජු මහතා සහ මේරියන් සර්වියර් යන දෙපළ විසින් ජල රඳවන 100ක් ලබාදී ඇත.
අභය භූමිය තුළ තැන්පත් කරන ලද ජල රඳවනවලට උහන ප්‍රාදේශීය සභාවේ බවුසර මගින් ජල ලීටර් 9000 ක් ද , උහන ගුවන් හමුදා කඳවුරේ බවුසර් මගින් ජල ලීටර් 11,500 ක් ද, පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බවුසර් මගින් ලීටර් 8,000 ක් ද යොදවා තිබේ.
දිනපතාම මෙම වතුර රඳවන සදහා ජලය සැපයීමට උහන ප්‍රාදේශීය සභාව කටයුතු කරන බව පවසන උපුල් ප්‍රියන්ත මහතා වන සතුන්ගේ ජීවිතය බේරා ගැනීමට මීට සහයවන ලෙස ද ඉල්ලා සිටියි.






2025 දෙසැම්බර් මස 18
170
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුද්ධංගල අභයභූමියේ වන සතුන්ට උහන ප්‍රා.සබෙන් ජලය
shan Tuesday, 02 July 2019 05:18 AM
ඉතාම හොද පුණ්‍ය ක්‍රියාවක් මේ සතුන්ට හැකි පමණින් උපරීම ජල පහසුව ලබා දෙන්න හැකිනම් කෘතීම පොකුණක් පොලිතින් දමා නිර්මාණය කර වැඩි ජල ප්‍රමාණයක් ඇති තැනක් කරන්න. මොකද අලි ඇතුන් වැනි සතුන්ට මේ ජලය තිබෙන බඳුන් මදි. ඔබ සැමට පින්සිදු වේවා
lasantha Tuesday, 02 July 2019 08:59 AM
ඉතාම හොද වැඩක් කරලා තියෙන්න, පින් සිදු වෙනවා මේ සදහා වචනයකින් හරි උදව් උපකාර කර සියලුම දෙනාට, බුදුසරණයි
Raveendra Tuesday, 02 July 2019 10:34 AM
බොහොම පිං සිද්ධ වෙන සත් ක්‍රියාවක්. සහභාගි වූ සැමට පිං මෙන්ම සියලු කටයුතු සාර්ථක වේවා..!!!