IMG-LOGO

බිත්තර තොගයක් නෙදර්ලන්තයෙන්

(අංජුල මහික වීරරත්න)

කුකුළු මස් හා බිත්තර හිඟයට විසඳුම් ලබා දීම සඳහා මව් කිකිළියන් වෙනුවට රක්කවන ලද බිත්තර ( Hatching Eggs) 176,000ක් ආනයනය කිරීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් කටයුතු යොදා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

මෙම රක්කවන ලද බිත්තර සතියකට 44,000 බැගින් මාසයක කාලයකදී ලැබීමට නියමිත බව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය ඒච්. ඩබ්. සිරිල් මහතා පැවසීය.

මව් කිකිළියන් ආනයනය කිරීම මගින් බිත්තර හා පැටව් ලබා ගැනීම ප්‍රමාද වන බැවින් රක්කවන ලද බිත්තර ආනයනය කිරීම සිදු කෙරෙන බවද එමගින් මාසයක් වැනි කෙටිකාලයකදී බිත්තර හා මස් පිණිස කුකුළන් ලබා ගැනීමට පහසුවන හෙයින් මෙසේ රක්කවන ලද බිත්තර ආනයනය කිරීමට තීරණය කර තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 



අදහස් (2)

බිත්තර තොගයක් නෙදර්ලන්තයෙන්

මොට්ටපාල Thursday, 08 June 2023 04:03 PM

මහාචාර්යතුමෝ ඔහේගෙ මොළේ චුට්ටක් හොලවලා බැලුවොත් ලංකාවට කිකිළියෝ හරි බිත්තර හරි නොගෙනත් කිකිළි පැටව් හදන්න බැරිවේවිද කියලා අහන්නම හිතුනා අපිනම් පොල් ගෙඩිය පැහිලද බලන්නෙ එහෙම තමයි ඇත්තටම විදේශ විනිමය වැය නොකෙරෙන වැඩක් හිතට එන්නෙ නැද්දෝ මම නම් පාසලකට ගිහිල්ලා නැහැ මෝඩ කමට ඇහුවෙ වරදක් වුනානම් සමාවෙන්න මහාචාර්යතුමා

:       0       0

prasanna Thursday, 08 June 2023 08:14 PM

දැන් අපි කන්නේ ආනයනය කළ බිත්තර... ලංකාව දැන් මාර පෝසත් රටක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 375 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site