(අංජුල මහික වීරරත්න)
බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1000කින් හෙට (15) සිට අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම කන්නය ආරම්භ වන විට රුපියල් 22,000 ඉක්මවා පැවති MOP පොහොර මිල රජය විසින් රුපියල් 19,500ට අඩු කරනු ලැබීය.
එමෙන්ම යල කන්නය ආරම්භයේදීම එම පොහොර මිල තවත් රුපියල් 4500කින් අඩු කිරීමට රජය පියවර ගත්තේය. ඒ අනුව මේ වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් රුපියල් 15,000ක් බැගින් අලෙවි කරන MOP පොහොර මිල හෙට (15) සිට රුපියල් 14,000 දක්වා අඩු වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
ගොවීන්ට හෙට දින සිටම එම මිලට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් පොහොර ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බණ්ඩි පොහොර මිල පහළට