IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බණ්ඩි ටොන් 55000ක් බෙදයි

(අංජුල මහික වීරරත්න)

ලෝක ආහාර වැඩසටහන විසින් බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 55000ක් ගොවීන්ට  නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම පොහොර තොගය ඉදිරි වගා කන්න දෙකේ වී වගාව සඳහා ලබා දීමට නියමිත බවත්  එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩ සටහනෙන් කළ ඉල්ලිමක් පරිදි මෙම බණ්ඩි පොහොර තොගය ලැබී අමාත්‍යංශය පවසයි.

වී වගාව සඳහා ඉතාමත් අත්‍යාවශ්‍ය පොහොර විශේෂයක් වන බණ්ඩි පොහොර නොයෙදීම මගින් ගොයම් කහවීම මෙන්ම ගොයම් කරල නිසි ලෙස වර්ධනය නොවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බණ්ඩි පොහොර මිල රුපියල් 14000ක් දක්වා ඉහල මට්ටමක පැවැති  අතර රජයට අයත් පොහොර සමාගම් මගින් මෙම මිල රුපියල් 9000 දක්වා අඩු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය. ඒ අනුව පසුගිය මහ කන්නයේ සිට බණ්ඩි පොහොර මිල රුපියල් 9000 බැගින් අලෙවි කරනු ලැබීය

.ලෝක ආහාර වැඩ සටහනේ  අනුග්‍රහය යටතේ  බෙදාහරිනු ලබන බණ්ඩි පොහොර සඳහා වැට් හා මෙහෙයුම් ගාස්තු සඳහා රුපියල් බිලියන 3.5ක් වැය වෙනු ඇතැයි ගණන් බලා තිබේ. මින් බිලියන 1.1ක් පරිහරණ වියදම් වශයෙනුත්, බිලියන 2.4ක් වැට් බදු වශයෙනුත් වැය කිරීමට සිදු වන බව අමාත්‍යාංශය පවසයි.

 



අදහස් (5)

බණ්ඩි ටොන් 55000ක් බෙදයි

Pradeep Kumara Monday, 01 July 2024 04:39 PM

පොහොර සහ බීජ නොමිලේ දීලා රටේ නිෂ්පාදනය වැඩි කරන්න බෑ මහත්තයෝ. කලාපයේ අනෙකුත් රටවල් සමඟ සසඳා බලද්දී හෙක්ටයාරයකට අඩුම වී අස්වැන්නක් ලබා ගන්නේ ශ්‍රී ලංකාවේ අපි. චීනය, ජපානය, මියන්මාරය සහ වියට්නාමය වගේ රටවල් සමඟ සාකච්ඡා කර ඔවුන් වැඩි අස්වනු ලබා ගන්නා ක්‍රමෝපායන් ගැන අපේ ගොවීන් දැනුවත් කරන්න. වියට්නාමයේ වී අස්වැන්න හෙක්ටයාරයකට කි.ග්‍රෑම් 6000ක්, චීනයේ එය 6500ක් සහ ජපානයේ 6800ක්. නමුත් අපේ රටේ, ශෝචනීයයි කි. ග්‍රෑම් 4000යි. ශ්‍රී ලංකාවේ වී වගා කරන බිම් ප්‍රමාණය දළ වශයෙන් හෙක්ටයාර් 775000ක්. වැඩිය ඕනෑ නෑ හෙක්ටයාරයකට කි.ග්‍රෑම් 500ක් වැඩි කරගත හැකි නම්, අමතරව නිපදවාගත හැකි වී ප්‍රමානය 387500000kg...

:       0       3

පිටිගල මිලානෝ Monday, 01 July 2024 05:27 PM

අර බෙදපු හාල් ඉවරයි.. තව කිලෝ දහයක් එව්වේ නැත්තන් අපි මාලිමාවට දෙනවෝ…

:       1       5

Ruwan De Silva Monday, 01 July 2024 08:45 PM

හරියට ඇමැතිතුමාගේ පෞද්ගලික ධනයෙන් දෙනවා වගේ කතාව. මරු මරු

:       0       0

Perera Tuesday, 02 July 2024 05:19 AM

එතකොට ගොවීන්ගේ ඡන්ද ටිකත් රනිල්ගේ ගොඩට...

:       0       0

Nimal Tuesday, 02 July 2024 08:22 AM

මුන්ගේ සල්ලි වගේ කියන්නේ බිලියන් ගණන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site