IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


බණ්ඩාරවෙල පාසලකට බඹර ප්‍රහාරයක්

(සමන් පාලිත නානායක්කාර )

බණ්ඩාරවෙල ඕබඩැල්ල විදුහලේ අද (24) උදෑසන ආරම්භ කරන අවස්ථාවේ හදිසියේම එල්ල වූ බඹර ප්‍රහාරයකින් ළමුන් හය දෙනෙක් සහ ඔවුන් සමඟ පැමිණි දෙමාපියන් පස් දෙනෙකු බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කළ බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය  කියයි. 

පාසල අසල පුද්ගලික ඉඩමක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙසේ දරුවන්ට හා දෙමාපියන්ට  දෂ්ට කර ඇත. 

මේ හේතුව නිසා අද 24 බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ උපදෙස් ඇතිව පාසල වසා තැබීමට  පියවර ගෙන ඇත. 

තුවාලකරුවන්ගේ තත්වය එතරම් බරපතල නොවන බව රෝහල ආරංචි මාර්ග පවසයි. 

බණ්ඩාරවෙල මූලස්ථාන  පොලීසිය පරීක්ෂණ පවත්වයි.  



අදහස් (0)

බණ්ඩාරවෙල පාසලකට බඹර ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site