IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


බණ්ඩාරවෙල ’’අල පෙති’’ලෝකෙට යයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අල පෙති(Potato Chips) යුරෝපය ඇතුළු ඇතුලු ලෝකයේ රටවල් වලට අපනයනය කරන කර්මාන්ත ශාලාවක් බණ්ඩාරවෙල කහත්තේවෙල ඉදි කර තිබේ.

කහත්තේවෙල ප්‍රදේශයේ තරුණ ගොවි පිරිසක් විසින් පවත්වාගෙන යන කහත්තේවෙල තරුණ ගොවි සමාගම විසින් මෙම Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන හා අපනයන කටයුතු සිදු කරනු ලබයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩ සටහන SAPP මුල්‍ය ආධාර ද මෙම කර්මාන්ත ශාලාව සඳහා ලබා දී තිබේ.

ලංකාවෙි පෞද්ගලික අංශය විසින් මේ වනවිට අර්තාපල් පෙති හෙවත් Potato Chips විදේශ රටවලට අපනයනය කිරීම කරනු ලබයි.

2021 දී මෙරට අර්තාපල් පෙති ටොන් එකක් ඩොලර් 6314ක් වැනි ඉහල මිලකට අපනයනය කර තිබේ.

මේ වනවිට ලංකාවෙි Potato Chips සඳහා ඇති ඉල්ලුම සියයට 11 දක්වා ඉහළ ගොස් ඇත.ශ්‍රී ලංකාවේ Potato Chips සඳහා මාල දිවයින, කැනඩාව, එක්සත් රාජධානිය, ලක්සම්බර්ග්, දකුණු කොරියාව වැනි රටවලින් විශාල ඉල්ලුමක් පවතී.

විදේශ රටවල සිට ද මෙරටට අර්තාපල් පෙති ආනයනය කිරීම ද සිදු කරයි. 2021 වර්ෂයේ මෙරටට Potato Chips ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 21කි. මෙම Potato Chips කර්මාන්ත ශාලාව බණ්ඩාරවෙල කහත්තේවෙල ප්‍රදේශයේ ආරම්භ කිරීමට පියවර ගනු ලැබුයේ දැනට වැලිමඩ හා නුවරඑළිය මෙන්ම බදුල්ල ප්‍රදේශයේ අර්තාපල් වගාව සිදු කරන නිසා පහසුවෙන් අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ඇති හැකියාව නිසා බවත්, මෙම මගින් අර්තාපල් වගා කරන ගොවි පවුල් 180කට තම අස්වැන්න මෙම කර්මාන්ත ශාලාව මගින් මිල දී ගැනීමටත් සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කහත්තේවෙල Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ලබන මස දී ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු යොදා ඇතැයි කහත්තේවෙල තරුණ ගොවි සමාගම පවසයි.



අදහස් (6)

බණ්ඩාරවෙල ’’අල පෙති’’ලෝකෙට යයි

දාස Wednesday, 26 April 2023 06:36 PM

ලංකාවේ අර්තාපල් කිලෝවක් හදන්න යන පිරිවැය අති විශාලයි.. පිටරටවල් සමග සසඳන විට... මේවා කියපල්ලා කොණ්ඩෙ බඳින චීනුන්ට...

:       32       21

සුපුන්Wednesday, 26 April 2023 08:28 PM

දාස මහත්තෙයා්.... රට අලවලයි ලංකා අලවලයි රසේ වෙනස කොහොමද?

:       1       0

sriThursday, 27 April 2023 11:56 AM

හැම දේටම බෑ කියන පරදින මානසිකත්වයෙන් පසු වන්නෙක්

:       0       4

Perera Thursday, 27 April 2023 12:17 AM

ඔතන තියන ලොකු අල ගෝනියත් පෙති ගහලා රට අරින්න

:       0       2

හේමාලි එම් සෙනෙවිරත්න (වැලිමඩ) Thursday, 27 April 2023 08:57 AM

ලංකාවෙ අර්තාපල් අස්වැන්න ගලවන කාලයට අර්තාපල් ආනයනය කරන්න ගන්නවා එහෙම වුනාම ලංකාවෙ ගොවීන්ට සිදුවන්නේ ලොකු පාඩුවක් තමයි එනිසා අප ප්‍රදේශයේ සිදුකරන මෙම ව්‍යාපාරය ඉතාමත් සාර්ථක එකක් වේවි

:       0       7

පැරකුම් Thursday, 27 April 2023 03:04 PM

අර්තාපල් පෙති ආනයනය නිසි අධීක්ෂණයකින් යුතුව නොකලහොත් මෙම ව්‍යාපාර අසාර්ථක වනු ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 720 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1132 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site