(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ බඩඉරිඟු වගාව සඳහා දිස්ත්‍රික්ක තුනකට අවශ්‍ය අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 175,000ක පළමු තොගය නිකුත් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මොනරාගාල, කුරුණෑගල හා අනුරාධපුරය යන දිස්ත්‍රික්ක තුනට යූරියා බෙදා හැරීම මේ වනවිට ආරම්භ කර තිබේ.
2022/23 මහ කන්නයේ දී බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර කඩිනමින් අදාල දිස්ත්‍රික්ක වලට යැවීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතාට දුන් උපදෙස් අනුව කොමර්ෂල් පොහොර සමාගම විසින් අදාල පළමු පොහොර තොගය මේ වනවිට එම දිස්ත්‍රික්කවලට යැවීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව, ඇතිමලේ හා දඹගල්ල ප්‍රදේශවල බඩඉරිඟු වගාව සඳහා යුරියා පොහොර මෙට්‍රික් ටොන් 75,000ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රදේශයට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව හා යකල්ල ප්‍රදේශවලට යුරියා මෙට්‍රික් ටොන් 75,000ක් ද වශයෙන් ඊයේ දිනය වනවිට බෙදාහැරීමට පියවර ගෙන තිබිණි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
බඩ ඉරිඟු වගාවට දිස්ත්‍රික්ක තුනක යූරියා බෙදයි
Santhu Tuesday, 04 October 2022 12:41 AM
ඔන්න ගසාකන්න තවත් ඉල්ලමක්... බැන බැන ඉන්නවාට තෑගි... මල්ල කරේ...