IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


බඩ ඉරිඟු රටින් ගේන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමිතිගත බඩ ඉරිඟු ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අතිරේක පෝෂණ ආහාරයක් ලෙස සියලුම ගර්භනී මව්වරුන්, කිරිදෙන මව්වරුන් (ළදරුවාට මාස 06ක් ගත වන තුරු) හා මන්දපෝෂණයෙන් පෙළෙන මාස 06 ට වැඩි ළදරුවන් හා අවුරුදු 05 ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබා දෙනු ලැබේ.

 ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී. ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩ ඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000 ක් වන අතර මාසික අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි. 

දේශීය වශයෙන් අවශ්‍ය ප්‍රමිතිගත බඩ ඉරිඟු සපයා ගැනීමට පවතින අපහසුතා සැලකිල්ලට ගෙන, ත්‍රිපෝෂ නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුත් බඩ ඉරිඟු ප්‍රමාණයක් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් විසින් ආනයනය කිරීම සඳහා එම ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

බඩ ඉරිඟු රටින් ගේන්න කැබිනට් අනුමැතිය

සමන් - ඕමානය Tuesday, 03 June 2025 01:25 PM

බඩ ඉරිඟු ලංකාවේ වගා කරන දෙයක්. ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමිතියට, බඩ ඉරිඟු වල අවශ්‍ය පරිදි ප්‍රමිතිය දියුණු කල නොහැකිද? ලංකාවේ කෘෂිකර්ම පර්යේෂණ ආයතනයක් තියනවා. කෘෂිකර්මය පිලිබඳ දෙපාර්තමේන්තු කීපයක්ම තියනවා. විශ්ව විද්‍යාල වල කෘෂිකර්ම පීඨ මගින් නොයෙකුත් පර්යේෂණ කරනවා. ඉතින්, බඩ ඉරිඟු වල ප්‍රමිතිය ඉහල දැමීම කල නොහැක්කක් ද? අදාළ ආයතන උනන්දු වුවහොත් එය කල හැකි බව මගේ අදහසයි.

:       0       4

Lal Tuesday, 03 June 2025 01:43 PM

පුනරුදය

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 239 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 414 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 732 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site