IMG-LOGO

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා


බඩෝවිට රජිතගේ කොකේන් සමග ගොලයෝ තුනක් මාට්ටු

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

විදේශගතව සිට මෙරට කොකේන් ජාවාරම මෙහෙයවන බඩෝවිට රජිත නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ඇතුලු දෙදෙනකු සමග  රුපියල් කෝටි පහළොවක්  පමණ වටිනා කොකේන් කිලෝ තුනක් භාරයට ගත් බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය පවසයි.

එම බලකායේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි කේ.ඒ.උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව පානදුර හිරණ ගල්තුඩ ජයසිරි පෙදෙසේ  නිවසක පරීක්ෂා කිරීමේදී එහි තිබී මෙම කොකේන් තොගය පොලිස් භාරයට ගත් බව කියයි.

ගල්කිස්ස බඩෝවිට 02 අදියරේ පදිංචි අත්තනගොඩ කන්කානම්ගේ මාධව පුබුදු ප්‍රියංකර නොහොත් බඩෝ විට පියා නැමැත්තා ගල්තුඩේ ජයසිරි පෙදෙසේ මෙම නිවසේ ගබඩා කොට ජාවාරම කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන මඳ වේලාවකින් ඔහුට අයත් මෝටර් රථයකින්  " සුරා " නැමැත්තකු එම නිවසට පැමිණ ඇති අතර පසුව එම මෝටර් රථය පරීක්‍ෂා කිරීමේදී එහි තිබී කොකේන් කිලෝ එකක් හමු වූ බව පොලිසිය කියයි.



අදහස් (0)

බඩෝවිට රජිතගේ කොකේන් සමග ගොලයෝ තුනක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32770 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15355 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9991 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 165 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 468 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1390 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site