(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බාල දක්ෂ කඳවුරකට සහභාගීවී යළි නිවෙස් බලා යමින් සිටි පාසල් සිසු සිසුවියන් ඔවුන්ගේ මව්පියන් සහ පාසල් ගුරුවරියන් රැගත් පෞද්ගලික බස් රථයක තිරිංග හදිසියේ අක්‍රියවීමෙන් රාගම බටුවත්ත දුම්රිය හරස් මාර්ගයේදී ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී සිදුවීමට ගිය මහා අනතුරක් එම බස් රථයේ රියදුරාගේ දක්ෂතාවය හේතුවෙන් වැළකී ගිය බව පොලිසිය කියයි.
තිරිංග හදිසියේ අක්‍රිය වීම නිසා රිය දුරුගේ පාලනයෙන් ගිලිහී ඉදිරියට ඇදී යමින් තිබූ බස් රථය ගැමුණු මාවතට හරවා ගැනීමට සමත් වී ඇති අතර එම අවස්ථාවේ නවතා තිබූ ත්‍රී රෝද රථයකද ගැටී බස් රථය පෙරළී යාම නිසා සිසු සිසුවියන් 12 දෙනකු සුළු තුවාල ලබා උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.
බස් රථය ඉදිරියට ධාවනය වූයේ නම් දුම්රියේ ගැටීමට බෙහෙවින් ඉඩ තිබූ බව සිද්ධිය දුටුවෝ පවසති.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බටුවත්තේ දී බසයක් පෙරළේ
ඇන්ඩෘ සෙබඩවිල Sunday, 19 October 2025 07:28 PM
එම දක්‍ෂ රියැදුරු මහතාට අපගේ ප්‍රණාමය! නමුත් දරුවන් ද සමඟ දීර්ඝ ගමන් යෑමට පෙර බස් රථවල තිරිංග පිළිබඳ සොයා බලනවා නම් හොඳයි.