IMG-LOGO

බටුවිට අනතුරකින් මවක් මරුට හතර දෙනකුට තුවාල

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක ඉදිරි රෝදය ගැලවී ගොස් කුඩා දරු දෙදෙනකු නංවාගෙන කාන්තාවක පදවා ගිය යතුරුපැදියක ගැටීමෙන් එම කාන්තාව මියගොස් දරු දෙදෙනා ඇතුළු සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ බටුවිට කුරුඳුවත්ත පදිංචිව සිටි එච් පවිතා කුමාරි (36) විවාහක කාන්තාවකි.

අනතුරින් මියගිය කාන්තාව සිය 13 හැවිරිදි පුතු සහ පුතුගේ මිතුරකු යතුරුපැදියෙන් අමතර පන්ති කරා රැගෙන යාම සඳහා ගෝනපොල බටුවිට ප්‍රදේශයේ සිට කුලුපන දෙසට රැගෙන යතුරු පැදියෙන් යාමේදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි රෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී යාමත් සමඟම රියදුරට එය පාලනය කරගත නොහැකිව කාන්තාව දරු දෙදෙනා සමඟ පැමිණි යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

බටුවිට අනතුරකින් මවක් මරුට හතර දෙනකුට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 147 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 353 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site