IMG-LOGO

බෝග හයකින් රට ස්වංපෝෂිත වෙයි

(අංජුල මහික වීරරත්න)

මෙම වසරේ යළි සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු  ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

සහල් සහ අනිකුත් ආහාර බෝග අස්වැන්න සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලා තිබු අතර ඊට අදාල වාර්තාවක් ලබා දෙමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.

2021 රසායනික පොහොර තහනමත් සමග ඇති වූ  වී ඇතුළු අනෙකුත් දේශීය ආහාර බෝග නිෂ්පාදනයන්හි කඩාවැටීම නිසා 2022 වසරේ දී ඩොලර් මිලියන 400ක් වැය කර සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ අටකට අධික ප්‍රමාණයක් මෙරටට ආනයනය කළ අතර අනෙකුත් ආහාර බෝග ද ඒ අන්දමින්ම ආනයනය කිරීමට සිදුවූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

2022 යල කන්නයේ සිට නැවතත් රසායනික පොහොර ලබා දීමට ගත් පියවර සමග සහල් ඇතුළු අනෙකුත් ආහාර බෝග වලින් රට ස්වයංපෝෂිත මට්ටමට ළඟා වී ඇතැයි  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 



අදහස් (9)

බෝග හයකින් රට ස්වංපෝෂිත වෙයි

Hasith Wednesday, 19 July 2023 11:23 AM

මිනිසුන්ට ගන්න බැරි තරමට ගණන් උනාම ඉතින් ස්වයංපොශිත ද ?මුං ඇට කිලෝවක රුපියල් 1000 ක් පැනලා

:       3       23

sweneWednesday, 19 July 2023 02:32 PM

අද මම ගියා ඉතා ජනප්‍රිය සුපිරි වෙළඳ සැලකට... එතැන මුං අට කිලෝඑකක් රුපියල් 1500යි...!.

:       0       6

ravin Wednesday, 19 July 2023 11:54 AM

මේ කියන සියලු බෝගවල සිල්ලර මිල පිළිබඳව සමීක්ෂණයක් කළහොත් දැකගත හැකිවේවි ස්වයංපෝෂිතය ගැන .උදාහරණ ලෙස පොදුවේ තිබෙන බැදපු රටකජු ග්‍රෑම් 100 ක රුපියල් 200.00 ස්වයංපෝෂිතයි කියන්න පෙර (දැනට අවුරුදු 1 ට පෙර )රුපියල් 100.00 යි

:       1       18

ජනික් Wednesday, 19 July 2023 12:00 PM

වසින් ස්වයංපෝෂිතයි.

:       2       12

Nimal Wednesday, 19 July 2023 12:41 PM

කවුරුත් කන්නේ නැති වුණාම ඉතින් ඕනෑම දෙයක් ස්වයංපෝෂිත තමයි. ඒ අතින් ගත්තොත් ලංකාවේ ගොඩක් ආහාර ජාතිවලින් ස්වයංපෝෂිතයි දැන්.

:       0       9

ana Wednesday, 19 July 2023 02:28 PM

අපේ වත්තේ කොස් අතිරික්තයක් තියෙනවා ඇමැතිතුමා...!

:       0       3

Perera Wednesday, 19 July 2023 04:25 PM

මන්දපෝෂණයෙනුත් ස්වයංපෝෂිතයි.

:       0       2

Cha Wednesday, 19 July 2023 07:44 PM

හොරිකඩ දේශපාලුවන්ගේ අතිරික්තයක් තියෙනවා..

:       0       0

පැරකුම් Thursday, 20 July 2023 04:23 AM

අවශ්‍යතාවයක් නොමැති නම් දැන් ඔය සහල් ආනයනය කරන්න යන්නේ කාගේ වුවමනාවටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 133 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 407 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site