IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


බංග්ලාදේශ මාධ්‍යවේදීන්ට සංචාරක වීසා දීලා

(යොහාන් භාසුර)

බංග්ලාදේශ ක්‍රිකට් පිලේ දැන් පැවැත්වෙන තරග සංචාරය වාර්තා කිරීමට මෙරට පැමිණ සිටින මාධ්‍යවේදීන්ට සංචාරක වීසා නිකුත් කිරීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.

තරගාවලිය අවසන් වීමට පෙර වීසා කාලය අවසන් වීමෙන් බොහෝ මාධ්‍යවේදීන්ට විස්සයි20 තරගාවලිය ආවරණය කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන බවත් බොහෝ මාධ්‍යවේදීන්ට දින 14 සහ දින 21 සංචාරක වීසා නිකුත් කර ඇති බවත් ඔවුහු පවසති.

මෙවැනි තරගාලියක් සඳහා වීසා නිකුත් කිරීමේදී වෙනත් රටවල් තරගාවලිය පැවැත්වෙන කාලය අනුව වීසා නිකුත් නිකුත් කළ ද ශ්‍රී ලංකාව ඒ පිළිබඳව අවදානය යොමුකර නොමැති බව කියන බංග්ලාදේශ මාධ්‍යවේදීහූ ඒ හේතුවෙන් වීසා දීර්ඝ කරගැනීමට නැවත කාලය ගතකිරීමට සිදුව ඇති බව ද පවසති.

මෙම වීසා ගැටලුව පිළිබඳව කළ විමසුමකදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා පැවසුවේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව බංග්ලාදේශ මාධ්‍යවේදීන්ට වීසා නිකුත් කළ බවත් වීසා කාලය අවසන් වී සතියක් ගතවීමට පෙර දඩ මුදල් ගෙවීමකින් තොරව වීසා දීර්ඝ කරගත හැකි බවත්ය.

බංග්ලාදේශ මාධ්‍යවේදීන් කීපදෙනෙක් වීසා දීර්ඝ කරගැනීමට එම දෙපාර්තමේන්තුවට අද දිනයේ පැමිණි බව ද මහේෂ් කරුණාදාස මහතා වැඩි දුරටත් කීය. බංග්ලාදේශ මාධ්‍යවේදීන් 40 ක් පමණ මෙම තරගාවලියට වාර්තා කිරීමට පැමිණ සිටිති.

මාසයක පමණ කාලයක් පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පසුගිය ජූනි මස 17 වැනිදා ආරම්භ වූ අතර අවසන් විස්සයි20 තරගය ලබන 16 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත.  



අදහස් (3)

බංග්ලාදේශ මාධ්‍යවේදීන්ට සංචාරක වීසා දීලා

ඇන්ඩ්රු-තැම්බුත්තේvillage Thursday, 03 July 2025 12:39 AM

ඕකට කියන්නේ නොහැකියාව...අම්මප..

:       0       5

maalaka Thursday, 03 July 2025 08:45 AM

ජාත්‍යන්තරය පිළිගෙන ඇති ක්‍රමවේදයක් අනුගමනය කරන්න... දැන්වත් යාවත්කාලීන වෙන්න.. යල්පැන ගිය මෙලෝ දැනුමක් නැති අකාර්යක්ෂම ක්‍රම වේද ඉවත් කරන්න

:       0       7

mangala Thursday, 03 July 2025 02:36 PM

දෙයියන්ගේ නාමෙට දැන්වත් ලෝකයේ සාමාන්‍ය ක්‍රංවේදයට පළමු සංචාරක වීසා එක, මාස තුනකට දෙන්න. ඊට පස්සේ පුලුවන් ලංකාවේ තවත් ඉන්න හිතුනොත් කොළඹ ඉමිග්‍රේෂන් එකේ හපුටු මූණු බල බලා වීසා දික් කරගන්න සම්පූර්ණ දවසක් කාබාසිනියා කරගෙන. හරිනම් දෙවෙනි දීර්ඝ කිරීමත් මාස තුනක් දෙන්න ඕන ඉමිග්‍රේෂන් නොගිහින් ඔන්ලයින් හරහා. මාස 6 ට වාඩි වෙනකොට නම් කොළඹට එන්න ඕන කිව්වට කමක් නෑ. සංචාරකයෝ මිලියන දෙකක් නෙවෙයි 3 ක් එයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 500 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2241 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site