
(විමුක්ති එස් රුද්‍රිගු)
රජයේ රැකියා කෝටාවට විරෝධයපාමින් පැවති විරෝධතාවලදී මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා ඇරඹි විරෝධතා ප්‍රචණ්ඩ වීම හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු අද සවස 6 සිට ඇඳිරි නීතිය පැනවීමට බංග්ලාදේශ රජය තීරණය කළේය.
මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා පෙරේදා(03) විරෝධතා ආරම්භ විය.ප්‍රචණ්ඩකාරී විරෝධතා හේතුවෙන් දෙදින තුළ පුද්ගලයන් 76 දෙනකු මියගොස් ඇති ඇති බවත් ඉන් 13 දෙනකු පොලිස් නිලධාරීන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මරණ ඩකා නගරය ඇතුළු නගර කීපයක වාර්තා වී ඇති බවත් විරෝධතාකරුවන් සිරාජ්ගාන්ජ් නගරයේ ඉනායත්පූර් පොලිස් ස්ථානයටද පහරදී ඇති බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
බොහෝ නගරවල පොලිසිය විරෝධතා මර්දනය කිරීමට යාමේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් හටගෙන ඇති බවද විදෙස් වාර්තා කළේය.
ඇඳිරි නීතිය පනවමින් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ප්‍රකාශ කර සිටියේ විරෝධතාකරුවන් දේපළ ගිනි තබමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවත් ඔවුන් තවදුරටත් සිසුන් ලෙස සැලකිය නොහැකි බවත්ය. ඔවුන් සිසුන් නොව රට අස්ථාවර කිරීමට උත්සාහ දරණ කඩාකප්පල්කරුවන් පිරිසක් බවද ඇය පැවැසුවාය.
අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ප්‍රමුඛ රජය ඉල්ලා අස්විය යුතු බවත් විරෝධතාවලදී 200 කට අධික පිරිසක් මියයාම සම්බන්ධයෙන් හසීනා මහත්මියට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වී ඇත.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බංගලාදේශය යළි ඇවිලේ
Mahe Sunday, 04 August 2024 11:38 PM
ඉන්දීය බංගලාදේශ සම්බන්ධතා ශක්තිමත් වීම නවත්වන්න. ලංකා අරගලේ වැනි තවත් ඇමරිකන් නාඩගමක්. ඕනෑම රටක් විනාශ කරන්න ජවිපේ අන්තරේ වැද්දා වැනි අපත කාළකන්නි රැලක් සිටීම ඇමරිකාවට ශක්තියක්...
සම්පත Monday, 05 August 2024 03:44 AM
බංගලාදේශයටත් ජෙප්පෝ ගිහිල්ලාද?
Saman Monday, 05 August 2024 05:41 AM
එහෙත් යන්නේ පරගලයක්.
සෙනෙවිරත්න Monday, 05 August 2024 01:39 PM
සම්පත ජෙප්පෝ මැරෙන්න වුණත් බය නැහැ... සාධාරණය වෙනුවෙන්... ඒක නිසා ඔබ වැනි මෙතෙක් කල් රට කාපු හිපාටුවන්ට හුරේ දාපු අය ලෝකයේ කොහේ හරි අරගලයක් දැක්කොත් ජවිපෙ මතක් වෙලා උණ ගන්නවා. ළඟදීම රට කාපු හිපාටුවන් යකඩ කූර ගනින්න සූදානම් වෙන්න කියන්න,...
Sarasi Monday, 05 August 2024 03:46 PM
දැන්වත් තම තීරණ ආපස්සට නොගන්නා හැටි... රටේ මිනිස්සුන්ට ඕන දෙයක් වෙන්න ඇරලා එම මතයේම ඉන්න හැටි...!