
(යොහාන් භාසුර)
අඩු ආදායම් ලාභීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ආදායම පෙන්වා බදු නිදහස හිමිකරගන්නා තෙක් බැංකු පොලියෙන් අය කරන සියයට 10 ක බද්ද නැවත ජනතාවට දීමේ ක්‍රමයක් ආණ්ඩුව සකස් කර නොමැති බවත් ඒ පිළිබඳව ඉදිරියේ කටයුතු කරන බවත් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (26) පැවසීය.
බැංකු ගිණුම්වල රදවාගැනීමේ අයකිරීම සියයට 5 සිට 10 දක්වා ඉහළ දැමීමට හේතුව විශාල ප්‍රමාණයෙන් මුදල් තිබුණ ද බදු නොවන පුද්ගලයන්ගෙන් අයකිගැනීමේ පියවරක් ලෙස බවත් මාසික ආදායම රුපියල් 150,000 ට අඩු පුද්ගලයන්ට ඒ පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේවන්තුවට කරුණු ඉදිරිපත් කර නිදහස් වියහැකි බවත් අමාත්‍යවරයා කීය.
වර්තමාන ආණ්ඩුව හැකි උපරිම කර ඇති බව කී අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ආණ්ඩුව ගැටලුවට ක්‍රමයෙන් විසඳුම් දීමට බලාපොරොත්තු වන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’බැංකුව අයකරන බද්ද නැවත දෙන ක්‍රමයක් නෑ’’
gunarathna Thursday, 26 December 2024 02:58 PM
අඩු ආදායම් ලාභීන්ට බැංකුවට ගිහින් කරුණු ඉදිරිපත් කරලා බදු නිදහස ලබාගන්න ක්‍රමයක් හදන්න. ඉස්සර තිබුනේ එහෙම ක්‍රමයක්. බැංකුවක් හැම නගරයක තියනවා, නමුත් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් එහෙම නෑ.
චන්දිම Thursday, 26 December 2024 03:56 PM
වයසක අයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහින් ඕවා කර ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා වෙනත් පහසු ක්‍රමයක් සලසන්න. එතෙක් ඔය බද්ද අයකිරීම කල් දාන්න.
sene Thursday, 26 December 2024 04:01 PM
නියමයි දැන් පලයන්කෝ දවස් ගනනක් පෝලිමේ, හැම දෑම ඔහොමයි. කෙලිනවා අපේ සොච්චමට. තොපිට හෙන.
Kazi Shajahan Thursday, 26 December 2024 04:11 PM
ඔයාලා චන්දෙ ගන්න කලින් ඕවා කියලා මිනිස්සුන්ගෙන් අනුමැතිය ගන්න ඕන නේ .ඔයාලා පොඩි මිනිහට තියන ප්‍රශ්න මදිවට තවත් කාලයත් ,මුදලුත් වැය කරගෙන රස්තියාදු කරන්න ද හදන්නේ .අපි රැවටුනා වගේ .දැන් බලනකොට මෙයාලත් රනිල් වගේම නේ .බදු ගන්නේ අහිංසක මිනිස්සුන්ගෙන්
ජයසුන්දර Thursday, 26 December 2024 04:35 PM
අහිංසක මිනිස්සුන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහින් සහනයක් ලබාගන්න කියල අසාධාරණ පිලිතුරක් දෙන්නෙ නැතුව, ප්‍රායෝගික ලෙස බැංකුව දැනුවත් කරන්න අදාල නැති ගිනුම් හිමියන්ගෙන් නොකපා ඉන්න. මෙය ඉතාම අසාධාරණ කැපිල්ලක්. අදාල බදු ගෙවිය යුතු අයගෙන් පමනක් කපන්න. දුප්පතුන් තවත් අසරණ කරන තීරනයක් රදවාගැනීමේ බද්ධ.
Kanchana Thursday, 26 December 2024 04:37 PM
බාලවයස් ගිණුම් වලා පොලිය මත අයකරන වැට් එකට මොකද වෙන්නේ ?ඒක නැවත ගන්න පුලුවන්ද ?
PGPThilak Thursday, 26 December 2024 10:25 PM
කෝටි ගනන් ස්ථිර තැන්පතු දාපු උන්ගෙන් අය කර ගනිල්ලා! අපි අමාරුවෙන් හොයාගෙන හදිසියකදී ගන්න තැන්පත් කරලා තියෙන සල්ලි ටිකෙනුත් 10% බැංකුවලට කපා ගන්න ඉඩ දීමෙන් පෙනෙන්නේ හිස හැරුණු අතේ දෙන සහන දුන්නාට ආණ්ඩුව සල්ලි නැති වගයි!!
කල්පනා Friday, 27 December 2024 10:47 AM
නෑ, අපිට ඕනේ නෑ. තව ටික දවසකින් වැඩ බැරි ඕගොල්ලෝ පැනලා ගියදාට රට සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්කරගන්න පුලුවන් වෙයි
Ramani mallika Friday, 27 December 2024 10:53 AM
15,00,000 අඩු අයගෙන් අඩු නොකර ඉන්න