
(යොහාන් භාසුර)
‘පරාටේ’ නීතිය බලගැන්වීමේදී සානුකම්පිතව කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශය බැංකු සංගමයට උපදෙස් දුන් බවත් මෙරට ආර්ථිකය පිළිබඳව වගකිවයුතු ආණ්ඩුවක් කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් බැංකුවලට ලිඛිත නියෝගයක් දීම බවත් ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා අද (2) පැවසීය.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු ඇතුළු නියෝජිතයන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අතර අද (2) පැවැති විශේෂ සාකච්ඡාව පිළිබඳව අදහස් දක්වමින් ලියනාරච්චි මහතා එසේ පැවසීය.
මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත රැකගැනීමට නම් ‘පරාටේ’ නීතිය තව දුරටත් අත්හිටුවීම සහ ණයගැතියන්ගෙන් මුදල් අයකරගැනීමේදී දේපළ පවරාගැනීම සම්බන්ධයෙන් බැංකුවලට දී ඇති බලය අවම කරන ලෙස එහිදී ඉල්ලා සිටි බවත් කෙසේ වෙතත් එම රැස්වීමට සහභාගි වූ ආණ්ඩුවේ නියෝජිතයන් බැංකු නියේජිතයන් හමහුවේ බැගෑපත් වී ඇති බවත් ඒ මහතා කීය.
ව්‍යාපාරිකයන් මුහුණදී සිටින සිටින තත්වය තේරුම් ගෙන සාධනීය පිළිතුරක් ආණ්ඩුව පාර්ශවයෙන් ලැබේ යැයි විශ්වාස කළ ද එවැනි උත්සහයක් ආණ්ඩුවේ නියෝජිතයන් වෙතින් දැකිය නොහැකි වූ බව ද කී ඒ මහතා දේපළ අත්පත්කරගැනීමේදී සානුකම්පිතව කටයුතු කරන ලෙස පමණක් බැංකුවලින් ඉල්ලා සිටි බව ද සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
500
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2241
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බැංකුවලට සානුකම්පිත වන්නැයි උපදෙස් දීලා
Anuradha Wednesday, 02 July 2025 06:25 PM
මෝඩ චූන් ගොං පාටි , කොවිඩ් කාලෙත් සත පහක් අඩු නොකරපු බැංකු
අරවින්ද මොණරවිල Wednesday, 02 July 2025 06:31 PM
සාධාරණ කාලයක් ලැබුණා, ඒ නිසා ණය ගෙවන්න සූදානම් වෙන්න ! එහෙම නැතුව ආණ්ඩුවට කියලා ණය පස්සට තල්ලු කරලා ණය ගෙවිම් පැහැර අරින්න උත්සාහ කරන්න එපා...
ගුණරත්න Thursday, 03 July 2025 01:41 PM
සානුකම්පිත කියන එකේ අර්ථ දැක්වීමක් නැතිව කොහොමද සානුකම්පිත වෙන්නේ? අනික බැංකුවේ මැනේජර් අනුව සානුකම්පිත වෙන විදියත් වෙනස් වෙන්න බැරි නැහැ.