IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පා. මන්ත්‍රී ගයාෂාන්ගෙන් පෙත්සමක්

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

තමන්ව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් නෙරපීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්දන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

විදානපතිරණ ඇසෝසියේෂන් නීතීඥ සමාගම මගින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තුවේ මහලේකම්, මැතිවරණ කොමිසම ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබේ.

වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වන තමන් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ තීන්දු තීරණවලට පටහැනිව කටයුතු කරන ලදැයි සඳහන් කරමින් මධ්‍යම කාරක සභාව විසින් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හරිනු ලැබ ඇති බව සඳහන් කරමින් ඉකුත් අගෝස්තු මස 8 වැනි දින ලිපියකින් දැනුම්දී දැනුම්දී ඇති බව පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා ඇත.

ඒ සම්බන්ධයෙන් කිසිදු සාධාරණ විභාගයක් හෝ නොපවත්වා මෙසේ කටයුතු කිරීම ස්වභාවයුක්ති මූලධර්මයට පටහැනි මෙන්ම  නීතියට පටහැනි සහ අසාධාරණ ක්‍රියාවක් බැවින් මේ සම්බන්ධයෙන් වග කරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පැතුම් ඉල්ලා තිබේ .



අදහස් (0)

පා. මන්ත්‍රී ගයාෂාන්ගෙන් පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site