IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පා පැදියෙන් රටවටා ගිය දියණිය

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පාපැදියෙන් රට වටා කිලෝ මීටර් 1400 ක පමණවූ දිගු ගමනක යෙදුණු දිරිය දියණිය දිවුලපිටිය මාබොදලේ පදිංචි ප්‍රතිනි සමරදිවාකර සිය සංචාරයේ දොළොස් වන දවස අවසානයේ ඊයේ 23 සන්ධ්‍යාවේ මීගමුව වෙරළ තීරයෙ තම ගමන ආරම්භ කළ ස්ථානයෙන්ම   සිය ජයග්‍රාහී සවාරිය කරනු ලැබුවාය .

33 හැවිරිදි වියේ පසු වන කැළනිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් වන ඇය පසුගිය 12 වැනිදා අලුයම 5.30 ට මීගමුව බන්ධනාගාරය අසලින් සිය ගමන ආරම්භ කළාය.

එදින ඇගේ ගමනාන්තය වූයේ කිලෝ මීටර් 155 ක දුර ගෙවමින් පුත්තලම නගරය ඔස්සේ නොච්චියාගමය.

එතැන් සිට මන්නාරම, යාපනය, මිරිසුවිල්, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, ආරුගම්බේ, බුත්තල, අම්බලන්තොට, ගාල්ල, ඇගේ පැපැදි ගමනේ නවාතැන් පලවල් වූයේය.

ගාල්ලෙන් පිටත්වූ ඇය පස්වරුවේ මීගමුව බන්ධනාලගාරය අසලින් සිය ගමන නිමා කළේ පුරා දින දොළහක් තිස්සේ තමන් රට වටා ගෙන ගිය පාපැදිය ඔසවා ඊට ගෞරව කරමිනි.

අනතුරුව සිය නිවසට එන ගමනේ ගම්වාසීහු ඇය පිලිගත්තේ මහත් හරසරිනි. සුප්‍රකට පාපැදි සූරයකු මෙන්ම ජාතික පාපැදි සංගමයේ සාමාජිකයකද වන බාලචන්ද්‍රන් මහතා අතින් කුසලානයක් ලබා ගන්නට ප්‍රතිනි වාසනාවන්තවූවාය.



අදහස් (8)

පා පැදියෙන් රටවටා ගිය දියණිය

Hemachandra Saturday, 24 August 2024 09:54 AM

ඔබේ දැරියට හිස නමා ගරු කරමි...!

:       1       19

Lalla Saturday, 24 August 2024 10:12 AM

කුමන බලාපොරොත්තුව ඇතිවද මේ ගමන ගියේ? ප්‍රසිද්ධිය සඳහා පමණද? උතුරු, දකුණු සංවාදයද?

:       15       1

fairoos Saturday, 24 August 2024 11:18 AM

සුබපැතුම්...!

:       1       29

උපුල් Saturday, 24 August 2024 11:45 AM

මගේ සුබ පැතුම්!

:       1       32

මැක්ස් Saturday, 24 August 2024 11:48 AM

සුබ පැතුම්!

:       1       26

Maxi Saturday, 24 August 2024 02:13 PM

සුබපැතුම්..., මගේ ආචාරය...!

:       1       16

Chamila Fernando Saturday, 24 August 2024 02:33 PM

හදපිරි සුබපැතුම් දුව...!

:       1       19

Bunny Preena Monday, 26 August 2024 10:50 AM

දිරිය දියණිය ඔබට මගේ සුබ පැතුම්.... රූපවාහිනි පුවත් වල ඔබ ගැන සඳහන් නොවීම ගැන බොහෝ සෙයින් කණගාටු වෙමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site