
(රෝෂන් තුෂාර)
පොල් ගෙඩි දෙකක් හොරෙන් ගත්තේ යැයි පොල් ලෙළි ගසන යකඩයෙන් ගසා පුද්ගලයකු ජීවිතක්ෂයට පත් කිරීමේ චෝදනාවට වරදකරු කළ විත්තිකරුවකුට හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මරණීය දණ්ඩනය නියම කළේය.
2001 වර්ෂයේ ඔක්තෝබර් 30 දින නියදගල වෙල්යායකදී පුද්ගලයකුට පොල්ලෙලි ගසන යකඩයකින් පහරදී මරණයට පත් කිරීමට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ අධි චෝදනා නඩුව දීර්ඝ වශයෙන් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
නඩුවේ පළමු චූදිත වන රන්ජිත් ධර්මසේනට මෙම මරණ දඬුවම නියම කළ අතර ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා නියම කරන දිනකදී වැලිකඩ බන්ධනාගාරයේදී ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා තැබිය යුතු බවට තීන්දු කළේය.
චූදිතයාට එරෙහි චෝදනා පැමිණිල්ල මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවට සඳහන් කරමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
හදිසි කෝපයකට පත් වීමක් හෝ අස්වාභාවික තත්ත්වයකදී මෙම මරණය සිදු කර නොමැති බවට ද මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේය.
2025 ඔක්තෝබර් මස 08
1368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1267
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
463
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොල්ගෙඩි දෙකට ඝාතනයක් කළ විත්තිකරුට මරණ දඬුවම
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Friday, 24 October 2025 12:26 PM
මේ විත්තිකරු පොල්ගෙඩි දෙකකට මෙහෙම හැසිරුණානං, රටකාපු තක්කඩි දේශපාලුවෙක් හරි, උන්ගේ කක්කා වළවල් පිටිං ඉහින අපි වාගේ එව්වෝ අහුවුනොතින්, මරලා බත්කන හරක්ට කන්න පුන්නක්කු හදයිද දන්නෑ
don Friday, 24 October 2025 02:44 PM
ධර්මසේන වෛරය හිතේ තියන් ඉදලා මිනීමරලා...