
(අංජුල මහික වීරරත්න)
සන්නද්ධ හමුදා අනුස්මරණ හා පොපි මල් දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි හමුදා සාමාජිකයින් සිහිකිරීමේ ස්මාරකය අභියස දී පැවැත්විණි.
මෙම ස්මාරකය ශ්‍රී ලංකාවේ පැරණිතම සහ ප්‍රධානතම යුද ස්මාරකවලින් එකක් වන අතර, වාර්ෂිකව Remembrance Day (නොවැම්බර් 11 ට ආසන්නතම ඉරිදා) දින මෙහිදී ජාතික සැමරුම් උත්සවයක් පවත්වනු ලැබේ.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය ස්මාරකය වෙත පොපි මල් කළඹ තැන්පත් කර දිවි පිදූ හමුදා සාමාජිකයින් සිහි කරමින් පුෂ්පෝපහාර දැක්වීය.
මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් පළමු ලෝක යුද්ධ සමයේ සිට මේ දක්වා දිවි පිදූ සන්නද්ධ හමුදා සාමාජිකයින් අනුස්මරණය කිරීම සහ ඔවුන්ගේ උදාර කැපවීමට ගෞරව දැක්වීම මෙම වාර්ෂික සැමරුමේ ප්‍රධාන අරමුණ විය.
මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයා වයිෂ් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, ත්‍රිවිධ හමුදාපතිවරු, විශ්‍රාමික ත්‍රිවිධ හමුදාපතිවරු, විදේශීය තානාපතිවරු සහභාගී වූහ.

2025 නොවැම්බර් මස 04
829
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1776
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොපි මල් දිනය සමරයි