IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


පෙර පාසල් අධ්‍යාපනයට රජයේ ඇල්ම බැල්ම වැඩිවෙයි

 

(අංජුල මහික වීරරත්න)

තීරණාත්මක වයස් කාණ්ඩයක සිටින පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සහ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය. 

ඒ වෙනුවෙන් විධිමත් පුහුණුවක් සහිත  ගුරුවරුන්ගෙන් යුතු රජයේ ලියාපදිංචි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හරහා මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂය මාලා රාමුවට අදාළව ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් විය යුතු බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර යන දිස්ත්‍රික් නියෝජනය කරමින් විශ්ව පෙර පාසල් ගුරු සංගමයේ සාමාජිකාවන් සමග  පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය  මේ බව පැවැසුවාය. 

මෙහිදී  මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුවට අනුකූලව පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා සුදුසුකම් ලත් පුහුණු කරුවන් තෝරා ගැනීම,  පෙර පාසල් ගුරුවරුන්  සඳහා විධිමත්  පුහුණුවක්  ලබා දීම, පෙරපාසල් ගුරුවරුන්ට දීමනා සහ දායකත්ව විශ්‍රාම වැටුපක් ලබා දීම වෙනුවෙන් මුදල් කොමිසම සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ අවධානය යොමු විය. 

පෙර පාසල් නියාමනය කිරීම සහ රජයේ ලියාපදිංචි පෙර පාසල් හරහා දරුවන්ට විධිමත් මුල් ළමාවිය අධ්‍යාපනයක් ලබා දීමෙි වැදගත්කම හා මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් හරහා රජය සහ පෙරපාසල් අතර විධිමත් සම්බන්ධීකරණයක් සිදු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ. 

 



අදහස් (0)

පෙර පාසල් අධ්‍යාපනයට රජයේ ඇල්ම බැල්ම වැඩිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1059 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site