IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පෙම්වතා බේරා ගන්න වියානා ඇළට පැන්න සරසවි සිසුවිය අතුරුදන්

(රංජිත් කරුණාවීර)

මහියංගන - බදුල්ල මාර්ගයේ මාපාකඩවැව 17 කණුව ප්‍රදේශයේ මහවැලි වියානා ඇළට වැටී සරසවි සිසුවිකය අතුරුදහන්ව ඇතැයි මහියංගණ පොලිසිය පවසයි.

එසේ දියේ ගිලි අතුරුදහන්ව ඇත්තේ රශ්මි ලක්ශිකා මෙන්ඩිස් නමැති වසය අවුරුදු 26ක තරුණියක වන අතර ඇය රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියකි.

අතුරුදහන්ය ඇති තරුණිය රජරට විශ්වවිද්‍යාලයේ සිට සිය පෙම්වතා සමඟ මහියංගණය හරහා හම්බන්තොට ඇයගේ නිවෙස වෙත පෙම්වතාගේ කාර් රථයෙන් යමින් සිටියදී, මාපාකඩවැව 17 කණුව ප්‍රදේශයේ මහවැලි වියානා ඇළ අසලට පැමිණ  දෙදෙනා මදක් ගිමන් හැර ඇත.

පසුව ඔවුන් ඇළ වේල්ලදිගේ දෙදෙනා ඇවිඳ ගෙන ඇළ දිගේ ඉහළට ගමන්කරදී පෙම්වතා එකවරම ඇළට වැටී ඇති අතර පෙම්වතා බේරාගැනීමට පෙම්වතිය ඇළට පැන ඇත.

දෙදෙනාටම පිහිනිමට නොහැකිව ඇළේ සැඩපහට හසුව ගසාගෙන පහළට යද්දී, දියනාමින් සිටි කාන්තාවකගේ කෑගසා ඒ අසල සිටි පිරිසට දන්වා ඇත.

එම කෑ ගැසීමත් සමඟ ඒ අසන්නයේ සිටි මාපාකඩවැව පොලිස් විද්‍යාලයේ සුමේධ බණ්ඩාර ඇතුළු පිරිස ගසාන යමින් සිටි තරුණයා  බේරා ගෙන ඇතත්  ජලයේ ගසාගෙන් යමින් සිටි තරුණිය ජලපහරේ ගිලී සැඟව ගොස් අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.



අදහස් (1)

පෙම්වතා බේරා ගන්න වියානා ඇළට පැන්න සරසවි සිසුවිය අතුරුදන්

pramuka Monday, 21 July 2025 01:26 PM

අන්න කෙල්ලෝ...

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site