
(නිමල් ජයරත්න)
මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා නාමපූවරු ගලවාගෙන යෑමේ සිද්ධියට සම්බන්ධව පුද්ගලයකු සැකපිට අද සවස අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලිසිය කියයි.
ඔහු කිරාන් ප්‍රදේශයේ පදිංචි කරුවකු බවද පොලිසිය පවසයි.
මීට අමතරව වාලච්චේන ප්‍රාදේශිය සභාව මගින් ගලවා ගෙන ගොස් සභා භූමියේ තිබූ නාමපුවරු හතක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාලච්චේන ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී එම්.එස්.එම්. ජරූල් මහතා අප කළ විමසීමකදී පැවසීය.
පුරාවිද්‍යා නාමපූවරු ගලවා ගෙන යෑමේ සිද්ධියට සම්බන්ධ වාලච්චේන සභාවේ සභාපති උප සභාපති,උප ලේකම් සහ තවත් සේවයකින් දෙදෙනකු ප්‍රදේශයෙන් පලගොස් සැඟව සිටින බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙන බවද ජරූල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉකුත් 22 වෙනිදා වාලච්චේන ප්‍රාදේශය සභාවේ සභාපති,උප සභාපති හා සේවකයන් පිරිසක් ප්‍රදේශයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් නාමපුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධ බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුවත් කර ඇති අතර ඒ පිළිබඳ වාලච්චේන සහ කොක්කඩිචෝලේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
2025 නොවැම්බර් මස 21
90
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
181
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1043
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පුරා විද්‍යා නාම පුවරු ගැලෙව්වාට අයෙක් සැකපිට