IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


පුරවැසි ධෛර්යත් රැගෙන රට නැවත ප්‍රතිනිර්මාණය කරනවා

(අංජුල මහික වීරරත්න)

පුරවැසියන්ගේ නොසැලෙන ධෛර්යය සමග එක්ව නැවත රට ප්‍රතිනිර්මාණය කළ හැකි බව ඒකාන්තයෙන්ම විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මෙසේද කීය.

ඉතිහාසයේ විශාලතම සහ අභියෝගාත්මක ස්වභාවික ව්‍යසනයට අප මුහුණ දී තිබෙනවා.මෙරට ඉතිහාසයේ අභියෝගාත්මකම ගලවා ගැනීමේ මෙහෙයුම අප මෙහෙයුමක කළා.රටම සතර දික් භාගයෙන් ආපදාවට ලක් වූ තත්ත්වයක් තුළ මේ අතිශය දුෂ්කර ව්‍යායාමය ජයගත යුතුයි.

මේ දූපතේ අධිෂ්ඨානශීලී බව කිසි ලෙසකින්වත් සසල කළ නොහැකි බව මේ ව්‍යසනයෙන් නැවත නැවත පසක් කර තිබෙනවා.පුරවැසියන්ගේ නොසැලෙන ධෛර්යය සමග එක්ව නැවත අපේ රට ප්‍රතිනිර්මාණය කළ හැකි බව ඒකාන්තයෙන්ම විශ්වාස කරනවා.

ව්‍යසනයෙන් මිය ගිය සියලු දෙනාට නැවත ජීවිතය ලබා දියහැකි නම් ඕනෑම කොන්දේසියකට යටත්ව එය ඉටු කිරීමට අප දෙවරක් කල්පනා කරන්නේ නැහැ.නමුත් අප යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දිය යුතුයි.

මියගිය සියලු දෙනා අපට අංකයක් නොවේ.සෑම ජීවිතයක් සමගම නමක් මුහුණක් සහ කතාවක් තිබෙනවා.මියගිය සියලු පවුල් වෙනුවෙන් අප හදවතින්ම අපගේ ශාතිශය සංවේගය පිරිනමනවා. එය සංවේගයකට සීමා නොවී එම පවුල් වලට නැවත එම ජීවිතය ලබාදිය නොහැකි වුවත් සෙසු සියල්ල ලබාදීම වෙනුවෙන් අප කැපවීමෙන් කටයුතු කරනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

 



අදහස් (8)

පුරවැසි ධෛර්යත් රැගෙන රට නැවත ප්‍රතිනිර්මාණය කරනවා

Ariyathilaka Sunday, 30 November 2025 10:10 PM

රටක ජනතාව දෙවිධියයකින් බල ගැන්විය යුතු ය. අධ්‍යාත්මික වශයෙන් හා ආර්ථික වශයෙනි. අධ්‍යාත්මික වශයෙන් බල ගැන්වීම නො කරනතාක් ආර්ථික සමෘද්ධියකට පත් වීම කළ නො හැක. අධ්‍යාත්මික බල ගැන්වීම නම් ධර්ම ශක්තිය ඇති කිරීම ය. මෙයට ප්‍රධාන විය යුත්තේ රටේ පාලන තන්ත්‍රය ය. අතීතයේ නම් රජු ය. ව‍ර්තමානයේ නම් රටේ ප්‍රධානියා ය. සම්බුදු දහම ඇති මේ රටේ සම්බුදු දහමින් බලගැන් වූ අධ්‍යාත්මික සම්බුද්ධ ශාසනය ප්‍රධාන කොට ගත යුතු ය. වත්මන් රාජ්‍ය පාලනය පත් වූ දා පටන් මහා සංඝ රත්නයට එක බත් හැන්දක් දුන් බවක් අපට නො පෙණුණි කිසිදු සිද්ධස්ථානයක බෞද්ධ වතාවත් අනුව පිංකම් කොට මනුෂ්‍ය ආරක්ෂක, ප්‍රජා ආරක්ෂක දෙවි දේවතාවන් හට පුණ්‍යානුමෝදනා කළ බවක අපට පෙණුනේ නැත. මනුෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් අපදා තත්වය ඇතිවෙන විට පටන්ගැන්මේදීවත් වත්මන් රාජ්‍ය කාරකාදීන් එසේ කළ බවත් දක්නට නො ලැබුණි. අසන්නට නො ලැබුණි. දෙවියන්ගේ රැකවරණ්‍ය නැතිව රටක් පාලනය කළ නො හැක. මේවා කොමියුනිස්ට්වාදීන්ට නම් ඇලජික් ය. විෂ ය. ගෝත්‍රික අදහස් ය. හැබැයි මේරට මේ ව්‍යසනය පත් වීමට එක් හේතුවක් නම් සද්ධර්මයට ගැරහීම බව නො කියා ම බැරි ය. 1971 කොමියුනිස්ට්වාදීන් රට විනාශ කළහ.

:       0       0

Ariyathilaka Sunday, 30 November 2025 10:34 PM

1987/88/89 කැරැල්ලෙන් කොමියුනිට්වාදීන් මේ රට විනාශ කළහ. මේ වතාව අප දකින්නේ අධ්‍යාත්මික කැරැල්ලක් මගින් තුන්වන වරට රට විනාශවන තැනට ඇද දැමූහ. සම්බුද්ධ ශාසනය නො තකා කටයුතු කළහ. අඩුම තරමින් ප්‍රජා ආරක්ෂක දෙවියන්ට බත් හැන්දක් මහා සංඝ රත්නයට දී පින් අනුමෝදන් කිරීමක් ප්‍රධානීහු නො කළහ. රාජ්‍ය අනුග්‍රහයෙන් එක බණ පදයක් දේශනා කරවූයේ නැත. හිඟන කම ද දෙයාකාර ය. ඒ ධනය නැති වීමෙන් ඇති කරන හිඟන කම හා අධ්‍යාත්මික හිඟන කම ය. අධ්‍යාත්මික හිඟන කම නම් යම් ද්‍රව්‍යමය ධනය හා බලපුළුවන්කාර කම් ඇති නමුදු ධර්මයට සිත් නැඹුරු නොවීමෙන් ඇති කරන හිතේ හිස් බව ය. අධ්‍යාත්මික හිඟනකම අතිශයින් ම බරපතල ය. රටවල පාලකයන් අධ්‍යාත්මික හිඟන කම ඇතිව කටයුතු කරනතාක් ඒ රටවලට සුගතියක් දක්නට නො ලැබේ. වැසියාට සැපයක් නම් ඇති නො වේ. මහ ලොකුවට දේශන පැවැත් වීමෙන් රටක් සමෘද්ධිමත් කළ නො හැක. අධ්‍යාත්මයට සත්කාර කළ යුතු ය. ඇමරිකාවේ රජය බුදු දහමට මුල තැන දුන් රටක් නො වේ. එසේ වුවත් ඔවුන්ගේ රාජ්‍යයේ තේමා පාඨය නම් " අප විශ්වාස කරන දෙවියන් වහන්සේ උදෙසා" යනුවෙනි. කොමියුනිස්ට්වාදියාගේ කිසිදු දෙවියෙක් විශ්වාස නො කරයි. ආගම් විශ්වාස නො කරයි.

:       0       0

පිටරැටියා Sunday, 30 November 2025 10:49 PM

ජනතාවාදී නායකයාට සියලු ශක්තිය දෛර්ය නිරතුරුවම ලැබේවා. අපි සැමදා ඔබ සමගයි .

:       0       0

Gavin Monday, 01 December 2025 01:57 AM

වැස්ස ස්වභාවිකයි, අනතුර අස්වාභාවිකයි. මතකද දවසක් ගජබින්න අතඇරියා ? දැන් මොකද කියන්නේ?

:       0       0

Jaya Monday, 01 December 2025 02:44 AM

නරකද රට තවත් කාළකන්නි නොකර 159ක ගව පට්ටියත් අරන් ගෙදර ගියොත්.

:       0       0

Nishan Monday, 01 December 2025 03:15 AM

පැලවත්තේ කෝටි 150 හේ අරමුදලෙන් ඉස්සෙල්ලා පටන් ගමු නේද?

:       0       0

සිරිදාස Monday, 01 December 2025 07:45 AM

ඔබ ගැන අපට විශ්වාසයි ජනපති තුමනි, ඒ කාලෙ නුවර ගංවතුර කාලවල හෙලිකොප්ටර් වල ආවෙ , දේශපාලුවො පවුල් එක්ක ගංවතුර බලන්න. අද සන්තෝසයි කියන්න අද හෙලිකොප්ටර් වල ගේන්නෙ ගංවතුරෙන් අනතුරට පත්වුන ලෙඩ්ඩු නුවර මහ රෝහලට . මෙය දැන ගත්තෙ රෝහලේ වැඩ කරන සේවකයන් ගෙන්. ඔබ තුමා නොහිටිය නම් පිටරටින් එවන විපතට පත්වුන මිනිසුන්ට දෙන්න එවන වටිනා බඩු නවතින්නෙ දේශපාලුවන්ගෙයි, හෙංචයියලගෙ ගෙවල් වල , ඔවුන්ගෙ නෑ , හිතවතුන්ගෙ ගෙවල්වල

:       1       0

අජාන් Monday, 01 December 2025 08:58 AM

තමන් ගැන විතරක්ම නොහිතන කලාතුරකින් එන නායකයෙක්.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 229 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 281 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1199 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site