(ගයාන් සූරියආරච්චි)
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදසලේ සේවකයකු වෙඩි තබා ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයෙන් ගැලවී ගිය ප්ලාස්ටික් කැබැල්ලක් ඔස්සේ කළ විමර්ශනවලදී එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු සහ මෝටර් රථය අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 13, කොළඹ 15 සහ දෙමටගොඩ ප්‍ර දේශවල පදිංචි 21, 42 සහ 45 හැවිරිදි පුද්ගලයන් තිදෙනෙකි.
එම ඝාතනයට සම්බන්ධ මෝටර් රථයේ රියැදුරු එම ඝාතනයට දින කීපයකට පෙර විදේශ රටක සිට පැමිණ එම පුද්ගලයා ඝාතනය කිරීමෙන් අනතුරුව මෝටර් රථය වත්තල ප්‍රදේශයේ දමාගොස් එදිනම විදේශගතවී ඇති බව පොලිසිය පවසයි.
එම මෝටර් රථයේ තිබී හිස් උණ්ඩ කොපු 10 ක් පමණ පොලිසිය සොයාගෙන තිබුණි.
එම වෙඩි තැබීමෙන් මෝදර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අප්පන් ප්‍රභූ නැමැත්තකු මියගොස් තිබුණි.
කැලණිය කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ මෙහෙයවීම පරිදි පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්ෂක අසේල කළුවිතාරණ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂ ජයලත් බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක විමුක්ති ජයසිංහ, උප පොලිස් පරීක්ෂක මිගාර මායාදුන්න, සැරයන් එස්.කේ.එම්. අනුරාධ යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පෑලියගොඩ මාළු සේවකයාගේ ඝාතකයන් අල්ලයි
maalaka Monday, 08 September 2025 06:10 AM
දේශපාලන අතපෙවීම් නැත්නම්, අඩු පහසුකම් මත උවත් අපේ පොලීසිය දක්ෂයි. මේ අයට අවශ්‍ය මානසික නිදහස ආම්පන්න පුහුණුව දුන්නොත් ලොකයේ පිළිගත් තත්ත්වයට එන්න පුළුවන්.
සෙනෙවිරත්න Monday, 08 September 2025 02:20 PM
පැනපු එකා හරි, මෙහෙ ඉන්න උන් කාපන් පරිප්පු,