(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 20ක අරමුදල් සලසා දීමට මහජන චීන සමූහාණ්ඩුව එකඟතාව පළ කර තිබේ. ජනාධිපති විසින් මේ වසරේ ජනවාරි මාසයේ චීනයේ සිදු කරන ලද නිල සංචාරය අතරතුරදී එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාවකට එළඹ ඇත.
ඒ අනුව, එම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පාසල් 500ක් සහ ආදර්ශ සුහුරු පන්ති කාමරයක් සඳහා අවශ්‍ය වන උපාංග යෝජිත ව්‍යාපෘතිය මඟින් ලබා දීමටත්, එම ව්‍යාපෘතිය යටතේ වන ජාල මෙහෙයුම් කළමනාකරණ ඒකකය, වැඩසටහන් මෙහෙයුම් මැදිරිය සහ සම්මන්ත්‍රණ කාමරය ' ඉසුරු පාය ' පරිශ්‍රයේ ස්ථාපිත කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
පාසල් 500කට චීනෙන් සුහුරු පන්ති
Neel Wednesday, 25 June 2025 04:26 PM
පැහැදිලිවම කියන්න ඕනෑ... මේ විදිහට රට ඉදිරියට ගියොත් අනාගත පරම්පරාව හරිම වාසනාවන්තයි, හොඳ අනාගතයක් උරුම වෙයි. ඡයවේවා...!