IMG-LOGO

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා


පාසල් සිසු වලියෙන් ළමා දිනයත් හබක්

(මලිත් රාජපක්ෂ) 

කන්තලේ ජාතික පාසලක සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුන් තිදෙනකු තුවාල ලැබූ අතර ඉන් එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතල බැවින් ශල්‍ය කර්මයකට භාජනය කිරීමත් සමග අද (01) එම විද්‍යාලයේ පැවැත්වීමට තිබූ ලෝක ළමා දින වැඩ සටහන්වලට සිසුන් බහුතරයක් සහභාගී නොවී පාසල් පැමිණීමෙන් වැලකී සිටි බව විදුහල් ආරංචි මාර්ග කියයි.

තුවාල ලැබූ සිසුන් තිදෙනා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යකඩ පොලු පහරකින් හිසට බරපතල හානි සිදුවූ සිසුවා ත්‍රිකුණාමලය මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හිසේ සිදුවු අභ්‍යන්තර රුධිර වහනය වැළැක්වීම සඳහා ශල්‍ය කර්මයකට භාජනය කිරීම සදහා සිසුවා කඩිනමින් මඩකලපුව ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බව රෝහල් බලධාරීන් පැවසූහ .

සිද්ධිය සම්බන්ධයෙන් 119 හදිසි දුරකථන අංකයට ලද ඇමතුමක් අනුව වහා ක්‍රියාත්මක වූ කන්තලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඩබ්.එල්. ලක්මාල් විජේරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විදුහලට ගොස් පරීක්ෂණ ආරම්භ කළහ.

ගැටුම සිදුවූ ගොඩනැගිල්ලේ ඉහළ මහලයේ ලේ පැල්ලම් ගැටුමට භාවිතා කළ දෑ පිළිබඳ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.

 



අදහස් (3)

පාසල් සිසු වලියෙන් ළමා දිනයත් හබක්

කව්ද බෝයි Wednesday, 01 October 2025 04:02 PM

ලෝක ළමා දිනය ජාත්‍යන්තර ප්‍රමිතියෙන්ම සමරලා තියෙන්නේ.

:       0       12

දිමුත් Wednesday, 01 October 2025 04:37 PM

මේ අයට කවුද "ළමයි" කියන්නේ?

:       0       5

Chinthaka Wednesday, 01 October 2025 05:46 PM

දිමුත් කියනදේ හරි මොකද අද ළමා දිනය පමණක් නොවෙයි වැඩිහිටි දිනත් අදනේ අර පනත බලාත්මක නැතිව ඔහොම නම් පනත ක්‍රියාත්මක වුණොත් කොහොමට හිටීද ඔහොමම යන්කෝ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32849 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15450 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10010 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 176 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 483 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1406 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site